මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකුර මහතා හට ඉකුත් සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන් තිදෙනකු විසින් දැඩිව චෝදනා එල්ල කොට ඇති බව දැනන්නට තිබේ.
ඒ, පොලිසියේ හැසිරීම සම්බන්ධයෙනි.
එහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත්තේ තමන් රහස් පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ල විමර්ශනය නොවන බවත්, පැමිණිල්ල ලියාගත් නිලධාරියා ඇතුලු විමර්ශන කරමින් සිටි තවත් නිලධාරියකු මාරු කර යවා ඇති බවත්ය.
කැබිනට් ඇමැතිවරයකු වන තමන්ට මේ ආකාරයෙන් සලකන්නේ නම් සාමාන්‍ය ජනතාවට පොලිසිය විසින් සලකන අකාරය සිතාගත හැකි බවද ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
ඉන් අනතුරුව කතා කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සදහන් කොට ඇත්තේ ඉකුත් යහපාලන ආණ්ඩුවේ සිටි හොරු 20 දෙනකු සම්බන්ධයෙන් තමන් පැමිණිලි කළද අද වනතුරු ඒ සම්බන්ධයෙන් පොලිසිය පියවරක් ගෙන නැති බවකි.
පොලිසිය ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන බවටද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා චෝදනා කොට තිබේ.
ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතාද චෝදනා කොට ඇත්තේ ඉකුත් ආණ්ඩු කාලයේදී පොලිසිය පැය 24ක් යාමට මත්තෙන් පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ බවත්, අද ඒ කාර්යක්ෂමතාවට කුමක් සිදුවීද යන්න පිළිබදවත්ය.
ඇමැතිවරුන්ගේ මේ සියලු චෝදනා අසා සිට ඇති සරත් වීරසේකර මහතා ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන බවට කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව වාර්තා වේ.