පසුගිය 09 වැනිදා නිවාස හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදීම සඳහා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් යොමුකර තිබේ.
ඒ අනුව නිවාස හානි වූ මන්ත්‍රීවරුන් වෙත ප්‍රමුඛත්වය ලබාදෙමින් බෙදාදීම සඳහා වියත් පුර නිවාස සංකීර්ණයේ නිවාස අත්පත් කරගැනීම වෙනුවෙන් රුපියල් කෝටි එකසිය හැත්තෑ නවයකුත් පනස් තුන් ලක්ෂ හතලිස් දහසක් 2022 වසර තුළ මහා භාණ්ඩාගාරයෙන් ලබාගැනීමටත්, ඉන් 50%ක් වූ අසූනව කෝටි හැත්තෑ හය ලක්ෂ හැත්තෑ දහසක් කොන්ත්‍රාත්කරුවන්ගේ වියදම් පියවීම සඳහා මේ වසරේ දෙවන කාර්තුව තුළදීම මහා භාණ්ඩාගාරයෙන් නාගරික සංවර්ධ අධිකාරියට මුදාගැනීම සඳහාත් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.
මේ වනවිට රටේ බිහිසුණු ආර්ථික ව්‍යසනයක් ඇති වී ජනතාවට ආහාර හිඟයකට මුහුණපා සිටින අවස්ථාවක, ඉන්ධන නොමැතිව ජනතාව පෝලිම්වල දින ගණන් ගතකරන අවස්ථාවක මෙම කැබිනට් පත්‍රිකාව යොමු කර තිබීම විශේෂ සිදුවීමකි.
අදාළ කැබිනට් පත්‍රිකාව පහත අමුනා ඇත.


