මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා රුපියල් මිලියන හතළිස් දහසක් හෙවත් බිලියන 40ක් වෙන්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව සඳහන් කළේ ය.
මේ අතර වී අලෙවි මණ්ඩලය හරහා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 75 බැවින් ගොවීන්ගෙන් මිලදී ගැනීමට පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර බලශක්ති අමාත්‍යවරයා ඊයේ සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය, ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති රුපියල් බිලියන 93ක ණය ගෙවීම සඳහා මුදල් ලබා දෙන ලෙස ජනපතිවරයා මහාභාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන් බවයි.