කොළඹ විහාර මහදේවී එළිමහන් රංගපීඨයේ පිහිටි 24 පැය පුරා ක්‍රියාත්මක වන යුද්ධ හමුදා එන්නත්කරණ මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (02) දින රාත්‍රියේ නිරීක්ෂණය කිරීමට පියවර ගත්තේය.
එහිදී ජනාධිපතිතුමන් එහි පැමිණ සිටි මහජනතාව සහ යුද්ධ හමුදා සෞඛ්‍ය කාර්‍ය්මංඩල සමග සුහද පිළිසදරක නිරත විය.
මෙම අවස්ථාව සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ද එක් විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙලෙස පැය 24 පුරාම ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම පිළිබඳ තම ස්තූතිය පළකරන බව එහිදී ජනතාව ජනාධිපතිතුමාට පැවසූහ.





