රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් හොරොව්පොතාන ප්‍රදේශයේ බඩඉරිගු ගොවීන් විශාල පීඩාවකට පත්ව සිටින බව වාර්තා වේ.
මේ හේතුවෙන් සේනා දළඹුවා වගාව සම්පූර්ණයෙන්ම විනාශ කොට ඇති බවත්, ජනාධිපතිවරයා මෙම තත්ත්වය වටහා ගත යුතු බවත් ගොවීහු පෙන්වා දෙති.
ඔවුන් සදහන් කරන්නේ තෙල් පොහොර නොලැබුණහොත් පවුල් පිටින් වස බී දිවි හානි කර ගන්නා තැනට ගොවීන් පත්ව ඇති බවකි.