සුළං විදුලි ව්‍යාපෘතීයක් ඉන්දියාවේ අදාන සමාගමට ලබා දෙන ලෙසට තමන් බලපෑම් කළ බවට ලංවිම සභාපතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ට්විටර් පණ්වුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කොට ඇත.
එම ට්විටර් පණිවුඩය මෙසේය.
‘මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘතියක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටු විභාගයකදී ලංවිම සභාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයක් අනුව, මෙම ව්‍යාපෘතිය කිසියම් නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට ප්‍රදානය කිරීමට අවසර දීම මම තරයේ ප්‍රතික්ෂේප කරමි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු සන්නිවේදනයක් අනුගමනය කරනු ඇතැයි මම විශ්වාස කරමි.’ යනුවෙන් එහි සදහන්ය.
Re a statement made by the #lka CEB Chairman at a COPE committee hearing regarding the award of a Wind Power Project in Mannar, I categorically deny authorisation to award this project to any specific person or entity. I trust responsible communication in this regard will follow.
— Gotabaya Rajapaksa (@GotabayaR) June 11, 2022