ජාතික හැදුනුම්පත මුද්‍රණය කිරීමේ කටයුතු ඉන්දීය සමාගමකටත්, අධිකරණ පද්ධතිය පරිඝනක ගත කිරීම මැලේසියානු සමාගමකටත් ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ලංකාවේ ඒ පිළිබද විශේෂඥයන් සිටියදී මෙසේ කිරීම කනගාටුවට කරුණක් බවයි.
‘දත්ත මැකුනු හා ඒ සමාන තවත් බරපතළ වැඩ දෙකකට රජය ක්‍රියාත්මක වෙනවා ජාතික හැඳුනුම්පත කියලා කියන්නේ ඒ රටේ අනන්‍යතාවය ක ලක්ෂණයක් ජාතික කොඩිය, ජාතික ගීය, රාජ්‍ය ලාංඡනය ඒවා රටක අන්‍යොන්‍ය තාවයයි.එහිදී ජාතික හැදුනුම්පත පුරවැසියෙකුට තියෙන්න පුළුවන් එකයි හැබැයි මම ඔබට කියනවා දැන් හොයල බලන්න ජාතික හැඳුනුම්පත ට අදාල කාඩ්පත් මුද්‍රණය කරගන්න බැරි හින්දා ශිෂ්‍යයන්ට ජාතික හැඳුනුම්පත වෙනුවට දෙන්නෙ කඩදාසි කෑල්ලක් සමහරුන්ට දෙන්නේ පොඩි කාඩ්බෝඩ් කෑල්ලක්.
හැබැයි වී අයි පී රටේ ප්‍රභූවරුන්ට එය නිවැරැදිව දෙනවා. හැදුනුම්පත මේ වෙනකොට වර්ග තුනක හැඳුනුම්පත් හඳුන්වා දෙන්න කටයුතු කළා.
දැන් ජාතික හැඳුනුම්පත් සඳහා අවශ්‍ය කාඩ් මුද්‍රණය කරන්න ඉන්දියානු සමාගමකට ටෙන්ඩරය ලබා දීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් තිබෙනවා .එහි සෝචනීය තත්වය තමයි මම මීට පෙර මතුකරපු මත්වතුර බෝතල් උඩ ස්ටිකර් අලවන කුප්‍රකට ඉන්දියන් සමාගමක් ටෙන්ඩර් පාර්ශව කරුවන් විදියට මෙච්චර දුෂිතයි කියපු නයිජීරියාවෙන් තවත් බොහෝ රටවල් දූෂිත ටෙන්ඩර් වලට සම්බන්ධ මොවුන් ඉන්දියාව සමාගමත් මේකට ගාව ගෙන.
පැහැදිලිව ආණ්ඩුවට කියන්නේ ජනාධිපතිවරයා රටට ආදරේ කියපු වගේ බලය පාවිච්චි කරනවා කියලා 2019 නොවැම්බර් 18 වැනිදා ධාතුන්වහන්සේලා තැන්පත් කරපු රුවන්වැලිසෑය ගාව වගේ විධායක ජනාධිපතිධූරය පාවිච්චි කරලා මෙය නතර කරනවද කියලා අපේ බලාගෙන සිටිනවා. ේ ජාතික හැදුනුම් පත් මුද්‍රණය මත්වතුර බෝතල් ඒ උඩ අළ වල තිබෙන ස්ටිකරය තුළින් බිලියන අසූවක් අපට අහිමි වෙනවා එම නිසා තමයි අපි කිව්වේ ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන්න කියලා මම මේ සම්බන්ධව පාර්ලිමේන්තුවෙත් හඬ නැගුවා ව්‍යවස්ථාදායක ජනාධිපතිවරයා දුරකථනයෙන් කතා කරලා ලිපිගොනු බාර දුන්නා, අල්ලස් කොමිසමට ලිපිගොනු බාර දුන්නා, එහිදී අධිකරණයට විධායකය ව්‍යවස්ථාදායකය යන සථාන වලට එකම දවසේ මේ පිළිබඳව චෝදනා පත්‍ර භාර දුන්නා .
හැබැයි අද වෙනකන් විධායක ජනාධිපති බලය පාවිච්චි කරලාත් වගේ වගක් නැතුව කටයුතු කරනවා. නමුත් අද පාරිභෝගික සුරැකීම සුරකින සංවිධානය අසේල සම්පත්ට නීති ක්‍රියාත්මක වනවා තොරතුරු තාක්ෂණ සංගමයේ රජිව් යසිරු පස්සෙන් එලවගෙන යනවා වගේම මාධ්‍ය කරුවෝ කියපුවාම දූෂණ වංචා ඊයෙ දිනයේ පස්සෙන් එලව්වා. හැබැයි මේ ගැන හොයන්න නැහැ .’
ඒ වගේම තවත් කාරණාවක් තමයි මේ රටේ අධිකරණ පද්ධතිය සියල්ල මැලේසියානු සමාගමකට දෙන්න කටයුතු කරමින් සිටිනවා . එය අධිකරණ පරිගණක ගත කිරීමේ වගකීමයි මම අහනවා london stock exchange එකේ software එක ලංකාවේ වැඩ නැද්ද ලංකාවේ icta ආයතනය මොකද කරන්නේ . එය හදලා තියෙන්නේ තොරතුරු තාක්ෂණය හදලා තියෙන්නේ අරෙහෙ මෙහෙ සමාගම් වලට දෙන්න ද? ඇයි අපිට මොරටුව විශ්ව විද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිඝණක පිළිබඳ විශේෂඥයෝ නැද්ද
මේ රටක සංවේදී දත්ත සහ තොරතුරු ස්ට්‍රේලියාවට හරි මැලේසියාවට හරි ඉන්දියාවට හරි දත්ත පද්ධති කිරීමට දීම අතිශය භයානකයි පාරිභෝගිකයන් ට වලා තිබෙන ප්‍රශ්න පිළිබඳව අපේ අවධානය යොමු කරන්න ඕන මහා නායක හාමුදුරුවන් වහන්සේලා සදහන් කරපු පමණින් වෛද්‍ය සංගම් උද්ඝෝෂණය කරයි කියපු පමණින් විවිධ වෙළද සංගම් තම තමන්ගේ ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වහපු නිසා මේකට බොරු ෂෝ එකක් විදියට ව්‍යාජ ඇඳිරි නීතිය දාලා හදිසි නීතිය දාලා ඒකෙන් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව වැරදි කරනවාට විරුද්ධව නැගී සිටින පුද්ගලයන් පාලනය කිරීමට මිසක් කොරෝනා මර්දන ක්‍රියාවලියට හදිසි නීතිය සහ ඇඳිරි නීතිය කළමනාකරණය කරන්න වර්තමාන ආණ්ඩුවට බැරි වෙලා. එම නිසා වර්තමාන ජනාධිපතිවරයා රුවන්වැලිසෑය අබියස ලබා දුන් ප්‍රතිඥාව විහිලුවකට ලක්කර තිබෙනවා
එය ජනාධිපතිවරයාට ආණ්ඩුවේ නියෝජිතයන් විසින් ජනාධිපතිවරයාට ත්දැන් තියෙනවා ලංකාවට ආපු ගමන් එහෙම දුන්න ප්‍රතිඥාවේ අන්තිම විනාඩි තුනේ සඳහන් කරුණු කාරණා ගැන මම සැබෑ ශක්තියක් තියෙන විධායක ජනාධිපති කියලා පෙන්නන්න. ඒ වගේම තමයි සංවේදී මැකිලා තිබෙනවා එය පද්ධති විදියට ජාතික හැඳුනුම්පත් ඉන්දියන් සමාගමෙන් බිලියන අසූවක් අහිමි කරන සමාගමක දුන්නා වගේ මේ රටේ අධිකරණ පද්ධතිය සියල්ල පරිගණක ගත කිරීම ආදිය මේ මැලේසිය සමාගම මෙම පද්ධතිය පේ රටේ තිබුණ ප්‍රධාන මුරගලක් විධායක විවස්ථාදායක අධිකරණය එම අධිකරණ පද්ධතියක් විදේශයට පවරන්නේ නැතිව රට ගැන දැක්මක් තියෙනවා රට ගැන ආදරේ කියන දේ පෙන්වන්න අවස්ථාව එළැඹිලා රජයේ සක්‍රීය ප්‍රගතිශීලී මැදිහත්වීම කොයි ආකාරයෙන් ද කියල අපි බලාගෙන සිටිනවා.