තම මවගේ සොහොන බේරාගන්න බැරි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට ආරක්ෂා කරයි දැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ප්‍රශ්න කරයි.
මිග් ගුවන්යානා මිලදීගැනීමේ නඩුව තවදුරටත් ඇදුනනොත් තමන්ට වඩා ප්‍රශ්න වෙන්නේ ජනාධිපතිට බවත් හෙතෙම කියා සිටියි.
මේවා හෙළි කිරීමෙන් තමන්ට ද සුදු වෑන් එකක් එවනු ඇතැයිද හෙතෙම සැක පල කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර ඇත.
ජනාධිපතිට වැරදුණු ලොකුම දේ ජනතාව සමඟ කතා නොකර කාමරේ දොර වහගෙන සිටීම බවත් එහෙම රටක් පාලනය කරන නොහැකි බවත් හෙතෙම එහිදී තව දුරටත් කියා සිටියේය.