• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Rajya Rahas

සබ්‍රි වගේම දිනේෂ්-ජී.එල්. ඉල්ලා අස්වෙන්න තීන්දු කරයි! මහින්දගේ රෑ කෑම විමල් එපා කියයි! සජිත්-අර්ජුන රහස් හමුවක්! සුමන්තිරන් එක්ක අමෙරිකා යන නීතීඥවරු දෙන්නා කව්ද? (රාජ්‍ය රහස්)

November 7, 2021
in Exclusive, Rajya Rahas
A A
ආණ්ඩුවට තීරණාත්මක සැප්තැම්බරයක්! ජනපති බ්‍රිතාන්‍යයට-බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකාවට! රනිල් ගැන මහින්ද හිනාවෙවී කියපු කතාව! (රාජ්‍ය රහස්)

ජනපතිට එරෙහිව ස්කොට්ලන්තයේදී ලේසර් විරෝධයක්

‘ද හෙරල්ඩ්’ දැන්වීමට ආණ්ඩුවෙනුත් දැන්වීමක්

මහින්දගේ කතාවෙන් විමල්ගේ කෑලි කපන්න බලපෑම්!

සේනානායකලා-ජයවර්ධනලා සජිත් ළගට!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්කොට්ලන්ත සංචාරය සම්බන්ධයෙන් වෙනත් කිසිදු පුවත්පතක පළ නොවූ අතිවිශේෂ අනාවරණයක් පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළකිරීමට අපි පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ජනාධිපතිවරයාගේ ස්කොට්ලන්ත සංචාරයට එරෙහිව එරට පළවන ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් වන ‘ද හෙරල්ඩ්’ පුවත්පතේ සම්පූර්ණ පිටුවක දැන්වීමක් පළකොට තිබූ බවත්, ජනාධිපතිවරයාගේ ස්කොට්ලන්ත සංචාරය අතරතුරදී විරෝධය පළකිරීම සඳහා එක්රැස් වන ලෙස ඒ හරහා දැනුම්දීමක් කර තිබූ බවත්ය. ස්කොට්ලන්තයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව විසින් මෙම දැන්වීම පළකර තිබූ බව එම දැන්වීම උපුටා දක්වමින්ම අපි සඳහන් කර සිටියෙමු.

ගෝඨාට එරෙහි දැන්වීමට පක්ෂව දැන්වීමකුත් ස්කොට්ලන්ත පත්තරේ

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ මේ ආකාරයට ජනාධිපතිවරයාගේ ස්කොට්ලන්ත සංචාරය කට මුල තියා ජනාධිපතිවරයාට එරෙහිව දැවැන්ත දැන්වීමක් එරට ජාතික පුවත්පතක පළ වුවද ඒ පිළිබඳ කිසිදු දැනුම්දීමක් එරට පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් හෝ මෙරට විදේශ අමාත්‍යාංශයෙන් ජනාධිපතිවරයා දැනුවත් නොකිරීමය. ඒ බව ස්කොට්ලන්තය බලා පිටත්ව යෑමට දින කිහිපයක් තියා වෙනත් ආකාරයකින් ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා වී තිබීම විශේෂ සිදුවීමකි. ඒ අනුව ස්කොට්ලන්තය බලා පිටත්ව යෑමට පෙරම මේ සඳහා ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී උපදෙස් දෙනු ලැබුවේ අදාළ දැන්වීමට ප්‍රතිචාර දැක්වීම සඳහා එම පුවත්පතේම ජනාධිපතිවරයාට පක්ෂපාත ආකාරයට සම්පූර්ණ පිටුවක දැන්වීමක් පළකිරීමටය. ඒ අනුව ජනාධිපතිවරයා ස්කොට්ලන්තයට අඩිය තැබීමට පෙර එම සම්පූර්ණ පිටුවක දැන්වීම මෙරට විදේශ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් එම පුවත්පතේම පළවිය.

එදා හිටපු සිංහලයෝ කෝ?

කෙසේ වෙතත් ස්කොට්ලන්ත ගමනේදී ජනාධිපතිවරයා ග්ලාස්ගෝ සමුළුව අමතන අතරතුරදී පෙර දැනුම්දීමකට අනුව දෙමළ ඩයස්පෝරාව විසින් සමුළු ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. මෙහිදී සැලකිය යුතු පිරිසක් කොටි කොඩි ඔසවා, විවිධ සටන් පාඨ කියමින් ජනාධිපතිවරයාට විරෝධය පළකිරීමට කටයුතු කොට තිබිණි. නමුත් ඊට එරෙහිව සිංහල ජනතාව ඒකරාශී වී ජනාධිපතිවරයාට සහාය පළකිරීමේ උද්ඝෝෂණයක් දැකගන්නට නොලැබීම මෙහිදී දැකගත හැකි වූ විශාල අඩුවක් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. සාමාන්‍යයෙන් ලංකාවේ නායකයකු එංගලන්තයේ සංචාරය කරන සෑම අවස්ථාවකදීම මෙවැනි දෙමළ ඩයස්පෝරා උද්ඝෝෂණ දැකගන්නට ලැබුණද වෙනදා නම් කිසිවකුගේ මෙහෙයවීමකින් තොරවම එරට සිටින සිංහල ජනතාව ඒකරාශී වී ලංකාවට සහාය පළකරන උද්ඝෝෂණ සිදුකරනු දැකගත හැකි විය. අවසන් වරට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ඉතාලි සංචාරයේදී පවා සිංහල ජනතාවම පාස්කු ඉරිදා ප්‍රහාරය මූලික කරගෙන අගමැතිවරයාට විරෝධය පළකරමින් ඉතාලියේ උද්ඝෝෂණ කරද්දී අගමැතිවරයාට පක්ෂවද කිහිප දෙනකු සිංහ කොඩි ඔසවමින් උද්ඝෝෂණ සිදුකළ ආකාරයක් දැකගත හැකි විය. නමුත් ජනාධිපතිවරයාගේ ස්කොට්ලන්ත සංචාරය අතරතුර එවැන්නක් දැකගන්නට නොලැබීම බොහෝ අඩුවක් ලෙස හුවා දක්වමින් ඇතැමුන් කතාකරනු දැකගත හැකි විය.

ජනපතිට විරුද්ධව ලේසර් විරෝධයක්

ජනාධිපතිවරයාගේ මෙම එංගලන්ත සංචාරය අතරතුරදී කිසිදු මාධ්‍යයක් අනාවරණ නොකළ තවත් පුවතක්ද මේ වන විට ‘රාජ්‍ය රහස්’ තීරය වෙත ලැබී තිබේ. ඒ, ජනාධිපතිවරයා සමුළුව ඇමතූ ගොඩනැගිල්ල මෙන්ම ස්කොට්ලන්ත අගනුවර ගොඩනැගිලි රැසක්ම ලේසර් කිරණ යොදාගෙන ජනාධිපතිවරයාගේ රුව සිත්තම් කරමින් විරෝධය පළ කිරීමට මෙම දෙමළ ඩයස්පෝරාව පියවර ගෙන තිබීමය. එහිදී, ‘සමූලඝාතනය වෙනුවෙන් වුවමනා කර තිබේ…’ යනුවෙන් සඳහන් වාක්‍ය ලේසර් කිරණ මගින් ප්‍රතිනිර්මාණය කිරීමටද එහිදී ඔවුන් පියවර ගෙන තිබිණි.

මේ ආකාරයටම ඉකුත් 2020 වසරේ නොවැම්බර් 26 වැනි දින, එනම් කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදී තිබුණු දින එංගලන්තයේ පාර්ලිමේන්තුව හෙවත් වෙස්ට්මිනිස්ටර් ගොඩනැගිල්ල කොටි කොඩියේ ලාංජනය වූ දැවැන්ත නියඟලා මලකින් වර්ණවත් කිරීමටද දෙමළ ඩයස්පෝරාව කටයුතු කර තිබිණි. එහිදී ලේසර් කිරණ යොදාගනිමින් දැවැන්ත අකුරින් we remember යනුවෙන් එහි සටහන් කර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.

ස්කොට්ලන්තය අවසර දුන් හැටි ගැන ප්‍රශ්නයක්!

කෙසේ වෙතත් මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ මේ ආකාරයට ජනාධිපතිවරයා ස්කොට්ලන්තයේ රැඳී සිටියදී දෙමළ ඩයස්පෝරාව විසින් නගරයේ තැන් තැන් ජනාධිපතිවරයාට එරෙහිව ආලෝකවත් කිරීම නොව, එසේ කිරීමට බලධාරීන් විසින් අවසර ලබාදීමය. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකු කිසියම් රටක සංචාරය කරද්දී එම රාජ්‍ය නායකයාට එරෙහිව කිසියම් පිරිසක් විරෝධය පළකරන්නේ නම් ඒ සියල්ල සඳහා අදාළ පරිපාලන ආයතනවලින් පූර්ව අවසරය ලබාගත යුතුය. එහිදී උද්ඝෝෂණ පවත්වන්නේ කුමන ආකාරයෙන්ද, ඊට කුමන පිරිසක් සහභාගි වනවාද, විරෝධතා පුවරුවල සටහන් කරන්නේ කුමන වැකිද යන්න සම්බන්ධයෙන්ද එහිදී පූර්ව අවසරයක් ගත යුතුය. ඒ අනුව ජනාධිපතිවරයා ස්කොට්ලන්තයේ රැඳී සිටියදී දැක්වූ ආලෝක විරෝධතාව සඳහා එරට බලධාරීන් අවසර ලබාදීම පිළිබඳ මේ වන විට මතුව ඇත්තේ බරපතළ අර්බුදයකි.

ජී.එල්.ගේ නමක් කොළඹගේ කැපුවාට ස්කොට්ලන්තයේදීම කචල් එකක්

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ස්කොට්ලන්ත සංචාරය අතරතුරදී එළියෙන් මෙවැනි විරෝධතාවක් මතුවෙද්දී ජනාධිපතිවරයාගේ දූත පිරිස ඇතුළෙන්ම තවත් අර්බුදයක් පැනනඟින ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ වෙන කවුරුන්වත් නොව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මුල් කරගෙනය. සාමාන්‍යයෙන් විදේශ අමාත්‍යවරයා මෙතෙක් ගිය සෑම සංචාරයකදීම සිය ලේකම්වරයා කැඳවාගෙන යෑම සම්ප්‍රදායක් කොටගෙන තිබිණි. එහිදී ජී.එල්.ගේ ගමන් මලු රැගෙන යෑම ඇතුළු අවශේෂ රාජකාරි සියල්ල සිදුකරනු ලැබුවේ මෙම ලේකම්වරයා විසිනි. ඒ අනුව මෙවර ස්කොට්ලන්ත සංචාරයටද මෙම පෞද්ගලික ලේකම්වරයා නම්කිරීමට ජී.එල්. පියවර ගෙන තිබුණද ජී.එල්. පවා නොදැන මෙම ලේකම්වරයාගේ නම ඉවත් කිරීමට තිරය පිටුපස මෙහෙයුමක් දියත්වී තිබිණි. විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වූ ජයනාත් කොළඹගේ මහතා විසින් එම නම ඉවත් කර ඇති බවත්, ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු ඇතුළත් කොට ඇති බවත් පසුව ජී.එල්.ට දැනගන්නට ලැබී තිබිණි.

ලංකාවට කතා කොට බැසිල්ට පැමිණිලි කරයි

මෙම සිදුවීම වාර්තා වීමත් සමග ජී.එල්. මහත් කනස්සල්ලටත්, කලකිරීමටත්, කෝපයටත් පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව ජනාධිපතිවරයාට ඒ තත්ත්වය පැහැදිලි කොට විදෙස් සංචාරය අතරතුර අනවශ්‍ය ගැටුමක් ඇති නොකොට ජී.එල්. කළේ වහාම ලංකාවට ඇමතුමක් ගෙන සිද්ධිය පිළිබඳ පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ බැසිල්ව ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමය. එමෙන්ම මීට පෙරද තමන්ට මෙවැනිම ආකාරයේ අසාධාරණකම් රැසක් සිදුව ඇති බවද ජී.එල්. මෙහිදී බැසිල්ට පැහැදිලි කර සිටියේය. එපමණක් නොව මෙම ලේකම්වරයා යටතතේ වැඩකිරීමට තමන්ට ඇති අපහසුතාවද මෙහිදී ජී.එල්. බැසිල්ට දැනුම් දී සිටියේය. ඒ අනුව ජී.එල්.ගේ මේ දීර්ඝ දුක්ගැනවිල්ල අසා සිටි බැසිල්, ජනාධිපතිවරයා ලංකාවට පැමිණි පසු මේ පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු කරන බව දක්වමින් සංවාදය අවසන් කිරීමට පියවර ගත්තේය.

දිනේෂ්ට වුණා වගේ ජී.එල්.ටත් ‌යන්න වෙයිද?

ඒ අනුව දැන් බලා සිටිය යුත්තේ මේ පැමිණිල්ල ජනාධිපතිවරයාට ඉදිරිපත් වීමෙන් පසු කොළඹගේට එරෙහිව ජනාධිපතිවරයා පියවරක් ගන්නේද යන්න සම්බන්ධයෙනි. මන්ද යත් මීට පෙර විදේශ අමාත්‍ය ධුරය දැරූ දිනේෂ් ගුණවර්ධනද මේ ආකාරයටම අවස්ථා ගණනාවකදීම සිය ලේකම්වරයා වූ ජයනාත් කොළඹගේ සමග ගැටුම් ඇතිකරගෙන තිබිණි. මේ ආකාරයටම ඒ ගැටුම් පිළිබඳ දිනේෂ් අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමටත් පියවර ගෙන තිබිණි. නමුත් අවසානයේදී සිදුවූයේ දිනේෂ්ට විදේශ අමාත්‍යාංශය අතහැර අධ්‍යාපන අමාත්‍යාංශයට යන්නටය. මෙවරත් එවැනිම සිදුවීමක් වේද යන්න කීමට තවමත් කල් වැඩිය.

දිනේෂ්ට අධ්‍යාපනයේදිත් ප්‍රශ්නයක්

කෙසේ වෙතත් විදේශ අමාත්‍යාංශයෙන් නිදහස් වී අධ්‍යාපන අමාත්‍යාංශයට ගිය දිනේෂ්ටද මේ වන විට සිදුව ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තා වගේ වැඩකට මුහුණ දීමටය. ඒ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමගද දිනේෂ් ආරවුලකට පැටලී තිබීම මුල් කරගෙනය. එහිදී දිනේෂ් ඉහළට පැමිණිලි කොට ඇත්තේ සිය ලේකම්වරයා පිටස්තර බලවේගයකින් හසුරුවනු ලබන පුද්ගලයකු බවත්, ඔහුත් සමග කටයුතු කිරීමට තවදුරටත් තමන්ට නොහැකි බවත්ය. මෙම පැමිණිල්ල දිනේෂ් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයටත්, අගමැතිවරයාටත්, බැසිල්ටත් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට තිබේ. එහිදී දිනේෂ් වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ සිය ලේකම්වරයා සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නේ නම් තමන්ට දැඩි තීන්දුවක් ගැනිමට සිදුවනු ඇති බවකි.

ඥානසාර හිමි දැම්මාට අලි සබ්‍රිට අලි ප්‍රශ්නයක්

මේ ආකාරයටම ජනාධිපතිවරයා ස්කොට්ලන්තය බලා පිටත්ව යෑමට ප්‍රථම ගත් තීන්දුවක් හේතුවෙන් පත්තු වුණු දේශපාලන බෝම්බයක දුම් රොටු තවමත් රට ඇතුළෙන් නැගෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ. ඒ බෝම්බය වෙන මොකක්වත් නොව එක රටක් එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතිවරයා වශයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පත්කිරීමය. මේ පත්කිරීමත් සමග මෙරට විපක්ෂයේ දේශපාලන පක්ෂ පමණක් නොව ආණ්ඩුවේ ඇතැම් කොටස්ද බරපතළ විවේචන එල්ල කරන ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම මෙම තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, කතෝලික සභාව, මුස්ලිම් සංවිධාන ප්‍රසිද්ධියේම විරෝධය පළකරමින් නිවේදන නිකුත් කළ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම ආණ්ඩුව ඇතුළේ සිටින මුස්ලිම් මැති ඇමැතිවරුන්ද මේ සම්බන්ධයෙන් සිටියේ දැඩි කලකිරීමකිනි. ඒ අනුව බොහෝ දෙනා බලා සිටියේ අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතා මෙම පත්කිරීම සම්බන්ධයෙන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇතිද යන්න කියාය. මන්ද යත් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රිකාවේ අධිකරණ අමාත්‍යාංශයට පවා උපදෙස් ලබාදීමට හැකි වන පරිදි බලතල ලබාදී තිබීම ඒ සඳහා හේතු වී තිබිණි.

සබ්‍රි අයින් වෙන්න තීන්දු කරයි! රොමේෂ්-ගාමිණී නඩු ටික දෙන්නම් කියලා!

කෙසේ වෙතත් බොහෝ දෙනා සබි්‍ර මේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ඇති බවක් සිතා සිටියත් එය එසේ වූයේ නැත. මෙම පත්කිරීමෙන් පසු දැඩි තීන්දුවක් ගත් සබි්‍ර තවදුරටත් අධිකරණ අමාත්‍ය ධුරයේ සිටීමෙන් ඵලක් නොවන බවට තීන්දුවක් ගත්තේය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම තීන්දුව ගැනීම සඳහා සබි්‍රට අතිශය හිතවත් ජනාධිපති නීතිඥවරුන් කිහිප දෙනකුගේම සහාය ලැබී ඇතැයි කියාය. එහිදී ඉදිරියෙන්ම සිටින්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාත්, ජනාධිපති නීතිඥ ගාමිණී මාරපනත් බව කියැවේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ රොමේෂ් සහ මාරපන සබි්‍රට කතා කොට නැවත අධිකරණය හමුවේ පවතින නඩුවලට පෙනී සිටින ලෙසට ආරාධනා කර ඇති බවත්, ඉහළ පෙළේ නඩු ගණනාවක්ම සබි්‍රට ලබාදීමට කැමැත්ත පළකොට ඇති බවත්ය.

ලියුමට අස්සන් කරයි

ඒ අනුව සබි්‍ර සිය දේශපාලන හිතවතුන් සහ පවුලේ ඥාතීන් සමග මේ පිළිබඳ සාකච්ඡා කොට අවසානයේදී අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමටත්, ඒ පිළිබඳ ලිපියකින් ජනාධිපතිවරයාට දැනුම් දීමටත් තීන්දු කළේය. ඒ සම්බන්ධ ලිපියද සකසා අවසන් කිරීමට අලි සබි්‍ර පියවර ගත්තේය. ඉතා රහසිගතව මෙම ලිපිය තබාගැනීමට සබි්‍ර පියවර ගත්තත් අප මෙම පුවත ප්අර්ඒබැඅිගකන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රචාරය කිරීමත් සමග සබි්‍රගේ හිතවතුන් බොහෝ දෙනකු ඔහුට කතාකොට මේ පිළිබඳ විමසන්නට පටන් ගත්තේය. එහිදී කතා කළ ඒ සියලු දෙනාට සබි්‍ර කියා සිටියේ තමන් තීන්දුවක් ගෙන ඇති බවත්, ඉදිරියේදී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් අධිකරණයේ නඩු සඳහා සහභාගි වන බවත්ය.

ඒ අනුව මොහොතක් යෑමට මත්තෙන් සබි්‍ර අදාළ ලිපියට අස්සන් තබා ඇති බව වාර්තා වීමත් සමග ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් සබි්‍රගේ ගෙදරට ගොස් ඔහු හමුවීමට පියවර ගත්හ. එහිදීද සබි්‍ර මෙම මන්ත්‍රීවරුන්ට කියා සිටියේ තමා මේ වන විට අවසන් තීන්දුවක් ගෙන ඇති බවකි.

අඩියක් පස්සට ගත්තාද?

කෙසේ වෙතත් ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා අලුයම ලංකාවට පැමිණීමෙන් පසු සබි්‍ර සිටි මෙම ස්ථාවරය තරමක් ලිහිල් වන ආකාරයක්ද දැකගන්නට ලැබීම විශේෂ සිදුවීමක් විය. ඊට බලපෑ හේතුව මෙතෙක් අනාවරණ වී නැතත් සිකුරාදා දිනය වන විට අදාළ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විමසූ බොහෝ දෙනකුට සබි්‍ර කියා සිටියේ තමන් ජනාධිපතිවරයා සමග ගැටුමකට නොයෑමට තීන්දු කර ඇති බවය. ඒ අනුව දැන් පෙනෙන්නට ඇත්තේ සබි්‍ර මේ වන විට පාදයක් පසුපසට ගෙන ආරක්ෂක පහරක් එල්ල කිරීමට සූදානම් වන බවකි.

මහින්දගේ සංවත්සර කතාවේ විමල්ලාට වැඩි ඉඩක්

ආණ්ඩුව ඇතුළේ මතුවෙමින් ඇති මෙම සුළු සුළු අර්බුද සියල්ල මැද ආණ්ඩුවට මුහුණ දීමට සිදුව ඇති බරපතළම අර්බුදය වී ඇත්තේ යුගදනවි විදුලි බලාගාරය ඇමෙරිකාවට පැවරීමට එරෙහිව විමල් ඇතුළු පක්ෂ එකොළහකින් යුත් කැරැලිකාර පිල එල්ල කර ඇති අභියෝගයය. මේ අර්බුදය පසුගිය අඟහරුවාදා (02) පැවැති පොහොට්ටුවේ පක්ෂ සංවත්සරයේදීද එළියට පැන්නේය. ඒ සිදුවීම් කිහිපයක්ම හරහාය. පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් සම්පූර්ණයෙන්ම සංවිධාන කරනු ලැබූ මෙම සංවත්සර උත්සවයේදී පළමු අර්බුදය මතුවූයේ අගමැතිවරයා පැවැත්වීමට සූදානම් කර තිබූ කතාව මුල් කරගෙනය. මහින්ද මේ කතාව සැලසුම් කළේම මේ දිනවල ආණ්ඩුව සමග ගැටුමකට මුලපුරා සිටින විමල් පිල ඉලක්ක කරගෙනය. ඊට හේතු වූයේ පසුගිය දින කිහිපය පුරාම ආණ්ඩුවේ විවිධ පිරිස් මහින්ද හමුවීමට පැමිණ සිදුකළ ඉල්ලීම්ය. ඒ ඉල්ලීම්වලින් කියැවුණේ කෙසේ හෝ විමල් පිල හා ආණ්ඩුව අතර මතුව ඇති ගැටුම් විසඳා සමගි කිරීමට මැදිහත් වන ලෙසය. ඒ අනුව මහින්ද සිය කතාව සකස් කළේ විමල් පිල පිළිබඳවත්, ඉකුත් කාලයේදී ආණ්ඩු පිහිටුවීම සඳහා විමල් පිල දැක්වූ දායකත්වය පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරමිනි.

කතාව වෙනස් කරන්න බලපෑම්

කෙසේ වෙතත් මහින්ද කරන්නට යන මේ කතාව පිළිබඳ කනින් කොනින් තොරතුරු පිටතට වාර්තා වීමත් සමග විවිධ පාර්ශ්වවලින් විමල් සම්බන්ධ කොටස් ඉවත් කරන ලෙසට අරලියගහ මන්දිරය වෙත දැඩි බලපෑම් එල්ල වන ආකාරයක් දැකගත හැකි විය. මෙම බලපෑම් කෙතරම් ප්‍රබල වීද යත් මහින්දගේ කතාවේ ඇතැම් කොටස් ඉවත්ව ගිය ආකාරයත්, ඇතැම් කොටස් සංශෝධනය වූ ආකාරයත් දැකගන්නට ලැබිණි. අවසානයේදී මහින්දට කරන්නට සිදුවූයේ තමන් බලාපොරොත්තු වූ කතාවෙන් සැලකිය යුතු කොටසක් ඉවත් කළ එකක් බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මේ බව දැනගෙනද, එසේත් නැතිනම් නොදැනද යන්න පැහැදිලි නැති නමුත් විමල් පොහොට්ටුවේ සංවත්සරයට සහභාගි නොවී සිටීමට අවසානයේදී තීන්දුවක් ගෙන තිබිණි. සෙසු පක්ෂ නායකයන් ඊට සහභාගි වුවද විමල් කල්තියාම එදිනට වෙනත් විවෘත කිරීමේ වැඩසටහනක් යොදාගත් බවක් දැකගන්නට ලැබිණි.

යෝෂිත විමල්ට කෑමකට එන්න කියයි!

මේ අතර සම්මේලනය පැවැති දිනට පෙර දින මෙම ගැටලුව සමතයකට පත්කිරීම සඳහා විශේෂ මෙහෙයුමක්ද තිරය පිටුපස දියත් වන ආකාරයක් දැකගත හැකි විය. එම මෙහෙයුමට අත තබා තිබුණේ වෙන කවුරුවත් නොව රාජපක්ෂවරයකුමය. ඒ මහින්දගේ දෙවැනි පුතා මෙන්ම අගමැති කාර්යමණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන යෝෂිත රාජපක්ෂය. ඒ අනුව සති අන්තයේදී විමල්ට කතා කළ යෝෂිත දැනට මතුව ඇති ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අගමැතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සහිත සාකච්ඡාවක් සූදානම් කොට ඇති බවත්, සඳුදා රාත්‍රිය ඒ සඳහා වෙන් කොට ඇති බවත් දැනුම්දී සිටියේය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආචාරශීලීව එම සාකච්ඡාව ප්‍රතික්ෂේප කිරීමට විමල් පියවර ගැනීමය.

විමල් බෑ කියයි

‘මේ ආරාධනාව මට කළාට ඔබතුමාට බොහොම ස්තුතියි. මට ඔබතුමාගෙ පියා ගැන දේශපාලන වශයෙන් විශාල ගෞරවයෙක් තියෙනවා. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි. හැබැයි දැන් මෙතැන මතුවෙලා තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. එහෙම දේශපාලන ප්‍රශ්නයක් මතුවෙලා තියෙද්දී මම විතරක් ඇවිත් අගමැතිතුමා එක්ක සාකච්ඡා කරන එක සදාචාරාත්මක නෑ. ඒ නිසා අපි මේක දේශපාලන වශයෙන් විසඳගමු.’ යනුවෙන් කියමින් විමල් එම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.

විමල්ලා යන්න තීන්දු කර අවසන්

ඒ අනුව දැන් විමල්ලා ඉදිරියේදී සිදුකරන්නට යන්නේ කුමක්ද?

‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇති ආකාරයට විමල්ලා මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන ඊට අදාළ න්‍යාය පත්‍රයද සකස් කොට අවසන්ය. ඔවුන්ගේ නිගමනය වී අත්තේ පොහොර අර්බුදය මුල් කරගෙන දැනට මතුව ඇති ගැටලුව මෙම මහ කන්නයේ අස්වැන්න අවම වීමත් සමග බරපතළ ආකාරයෙන් රට ඇතුළේ හිස ඔසවනු ඇති බවකි. එහිදී තවදුරටත් ආණ්ඩුව සමග රැඳී සිටියහොත් ඔවුන්ද ජනතා වෛරයට පාත්‍රවනු ඇති බවට ගණන් තියා ඇති ඔවුන් ඊට පෙර ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මේ වන විට සැලසුම් සකස් කොට අවසන්ය. එහිදී ආණ්ඩුවෙන් ඉවත් වන කාලසීමාව කුමක්ද, එතැන් සිට ඉදිරියට සිදුකරන්නේ කුමක්ද, නව සන්ධානයක් බිහිකරන්නේ කවුරුන් සමගද යන්න පිළිබඳවත් විමල්ලාගේ කණ්ඩායම මේ වන විට තීන්දුවක් ගෙන අවසන්ය.

වාසුගේ කටින් එළියට පැන්න රහස

එම තීන්දුව පසුගිය සතියේදී විමල් පිලේ ප්‍රබලයකු වන වාසුදේව නානායක්කාර මහතාගේ කටින් එළියට පනින ආකාරයක්ද දැකගත හැකි විය. ඒ, අන්තර්ජාල නාලිකාවක් සමග පැවැති සාකච්ඡාවක් අතරතුරේදීය. එහිදී වාසු කියා සිටියේ පවතින අර්බුද හේතුවෙන් ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත් විය හැකි තත්ත්වයක් මතුවිය හැකි බවකි.

‘ආණ්ඩුව එක් මාර්ගයක ගමන් කරනවා. අපි සහෝදර පක්ෂ එකොළහක් ගමන් කරන්නේ තවත් මාර්ගයක. අපි ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක. ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපට ගැළපෙන්නෙ නෑ. ඉදිරියේදී සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදුවේවි’ යනුවෙන් වාසුදේව නානායක්කාර මහතා එහිදී කියා තිබිණ.
ආණ්ඩුවේ සියලු‍ තීන්දු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා බවත්, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වුවත් දේශපාලනික වශයෙන් අක්‍රීය වී ඇති බවත්, මේ සටනේදී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන්ම බැසයෑමට සිදුවනු ඇති බවත් ඔහු එහිදී පවසා තිබිණ.

ආණ්ඩුව බලයට ගෙන ඒමේදී ජනතාව අපේක්ෂා කළ අපේක්ෂාවන් ආණ්ඩුව අද වන විට විනාශ කරමින් සිටින බවද වාසුදේව නානායක්කාර මහතා එහිදී කීය.

ආණ්ඩු පෙරළන සජබෙ වැඩමුළුව

සිය මන්ත්‍රීවරු දැනුමින් සන්නද්ධ කිරීමේ වැඩපිළිවෙළක් සමගින් ජන බලවේගය ආරම්භ කොට තිබේ. එහි එක් පියවරක් ලෙස පසුගිය සති අන්තයේදී අගනුවරින් පිටව සමගි ජන බලවේයේ මන්ත්‍රීවරුන් සියලු‍ දෙනාම පාහේ විශේෂ පුහුණු’වැඩමුළුවකට සහභාගි විය. දෙදිනක් පුරා පැවැති මේ වැඩමුළුව වඩාත් ක්‍රමවත් ලෙස සංවිධානය කොට තිබුණේ විපක්ෂ නායක ලේකම් ලේකම් රවී ජයවර්ධනගේ මූලිකත්වයෙනි.

සෙනසුරාදා උදෑසන 9ට වැඩමුළුව ආරම්භ වූ අතර පළමු දිනයේ එය සවස පහට අවසන් විය. සමගි ජන බලවේගය ජයග්‍රහණය කරා රැගෙන යාමේ උපාය උපක්‍රම රාශියක් එහිදී සාකච්ඡාවට ලක් කළ අතර අනතුරුව රාත්‍රී සුහද හමුවක් පැවැත්විණි.

එය මන්ත්‍රීවරුන් අතර සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් සකස්වී තිබූ අතර මන්ත්‍රීවරුන්ගේ මේසෙන් මේසෙට ගොස් සජිත් හමුව අවසන් වන තුරුම ඔවුන් සමග රැඳී සිටීම විශේෂ සිදුවීමක් විය.

සජිත් – අර්ජුන රහස් හමුවක්!

කෙසේ වෙතත් සජිත් ඉරිදා දින මන්ත්‍රීවරුන් සමග එක්ව උදෑසන ආහාරය ගැනීමෙන් පසු හෝටලයෙන් පිටත්ව ගියේ තමන්ට හදිසියේ යොදාගත් වැඩකටයුත්තක් ඇති බවට මන්ත්‍රීවරුන්ට දැනුම් දෙමිනි. එසේ පිටවූ සජිත් කෙළින්ම පැමිණියේ කොළඹ රාජකීය විදුහල ඉදිරිපිට ඇති ‘මහරාජා පැලස්’ වෙතය. සජිත් එතැනට එන විට එහි විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සංවිධාන කොට තිබුණේ සජබය නියෝජනය කරන සුළු පක්ෂ මන්ත්‍රීවරයකු වන දිගම්බරම් මහතා විසිනි. දිගම්බරම්ට අමතරව එහි එජාපය නියෝජනය කරන ප්‍රබලයන් දෙදෙනකු සාකච්ඡා මේසයේ අසුන්ගෙන සිටීම විශේෂ සිදුවීමක් විය. ඒ, එජාප ප්‍රබලයන් දෙදෙනා වෙන කවුරුවත් නොව අර්ජුන රණතුංගත්, සමන් රත්නප්‍රියත්ය. ඊට අමතරව රාජිතත්, මනුෂත් එහි සිටිනු දැකගන්නට ලැබිණි.

කෙසේ වෙතත් මෙම හමුවේදී සජිත් සහ අර්ජුනලා අතර විශේෂ සාකච්ඡාවක් සිදුවන ආකාරයක් සියලු දෙනාට දැකගන්නට ලැබිණි. ඒ අනුව රැස්ව සිටි සියලු දෙනාටම පෙනී ගියේ මෙය එක්තරා ආකාරයකින් සජිත් හා අර්ජුනලා එකතු කරන වැඩපිළිවෙළක් ලෙසටය. එදින දිගම්බරම්ගේ දියණියගේ උපන් දිනය යෙදී තිබුණු නමුත් ඒ අස්සේම මෙම සමගි සන්ධානයටද අවස්ථාවක් උදා කරදීමට දිගම්බරම් ප්‍රවේසම් සහගතව අවස්ථාවක් සලසා දී තිබීම එහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම විය.

ජයවර්ධන මුනුපුරාටත් සජිත්ගෙන් ආරාධනා

මේ ආකාරයටම සජිත් පසුගිය සතියේදී තවත් විශේෂ චරිත ගණනාවක්ම මුණගැසී සමගි ජනබලවේගය ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබූ ආකාරයක් දැකගත හැකි විය. රට වටා යන අතරතුරදී වැඩි කතාබහක් නැතිවම මෙම කටයුතු තීන්දු කර සිදුකිරීම සජිත්ගේ කලාවය. ඒ අනුව පසුගිය සතියේදී පැවැති හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ගුණානුස්මරණ දිනයේදී සජිත් අවිස්සාවේල්ල රෝහලට සෞඛ්‍ය උපකරණ භාරදීමේ ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන යොදාගෙන තිබිණි. මෙහිදී සජිත්, ජයවර්ධන පවුලේ එකම දේශපාලන පුරුක වන ජේ.ආර් මුණුබුරු ප්‍රදීප් ජයවර්ධනටද ඒ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කිරීමට පියවර ගත්තේය.

රනිල් ප්‍රදීප්ට ගහපු හේතුව රුවන්!

ප්‍රදීප් යනු මුලින් එජාපය සතුව සිටි ප්‍රධාන තුරුම්පුවක් වුවත් 1994දී රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ නායකත්වය භාරගැනීමත් සමග ප්‍රදීප්ට පල නොකියා පළා බෙදන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි. ඊට හේතු වූයේ එජාප නායකත්වය ලබාගන්නා සටනේදී ප්‍රදීප්, රනිල් වෙනුවට ගාමිණී දිසානායක මහතාගේ පැත්ත තෝරාගැනීමය. රනිල්ගේ සිතේ ප්‍රදීප් කෙරෙහි පැවැති මේ වෛරයේ අවසානය වූයේ ජේ.ආර්.ගේ එකම මුනුබුරා ශ්‍රීලනිපය වෙත ගමන් කිරීමය. ප්‍රදීප් ඉවත් කොට එම තැනට රුවන් විජයවර්ධන රැගෙන ඒමට රනිල් උත්සාහ කිරීමද මේ පසුපස විය. අද ප්‍රදීප් ශ්‍රීලනිපයේ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකි.

එසේ වුවත් ප්‍රදීප් සිය සීයාගේ අනුස්මරණය වෙනුවෙන් සහභාගි වන ලෙසට සජිත් කළ ආරාධනාව එක සිතින් පිළිගෙන ඊට සහභාගි වීමට පියවර ගැනීම විශේෂ සිදුවීමක් විය. එහිදී උත්සවය අතරතුර සජිත් හා ප්‍රදීප් අතර දීර්ඝ දේශපාලන සාකච්ඡාවක් සිදුවන ආකාරයක් දැකගන්නට ලැබිණි. එම සාකච්ඡාවේදී සජිත් කියා සිටියේ ජේ.ආර්. යුගය යනු එජාපයේ ස්වර්ණමය යුගය බවත්, ප්‍රදීප්ගේද ජන්ම උරුමය පවතින්නේ එජාපය නියෝජනය කරන සමගි ජන බලවේගය ඇතුළේ බවත්ය. එම නිසා තමන් සමග එකතුවී යළි ජේ.ආර්., ප්‍රේමදාස යුගයක් බිහිකිරීමට අත්වැල් බැඳගන්නා ලෙස ප්‍රදීප්ගෙන් ඉල්ලා සිටීමටද සජිත් පියවර ගත්තේය.

ප්‍රදීප්ගෙන් යහපත් ප්‍රතිචාරයක්!

‘ප්‍රදීප්, ඔයාගෙ අක්මුල් තියෙන්නේ ඔතන නෙවෙයි මෙතැන. ඔයාගෙ සීයයි අපේ තාත්තයි එකට දේශපාලනය කළේ. ඒ කාලෙ තමයි එජාපයේ ස්වර්ණමය යුගය. දැන් අපි ආයෙමත් ඒ කාලය බිහිකරන්න ඕනෙ. ඔයා අපිත් එක්ක එන්න. මම ඔයාට කොළඹ ලෑස්ති කරලයි තියෙන්නේ. හැබැයි ඔයාට ඕනෙ නම් සීයා තරග කරපු කැලණිය දෙන්නත් මම සූදානම්…’ යනුවෙන් සජිත් කියද්දී ඊට ප්‍රදීප්ගෙන් ලැබුණේ ධනාත්මක ප්‍රතිචාරයකි. නමුත් ඊට කොන්දේසියක් ඉදිරිපත් කිරීමටද ප්‍රදීප් කටයුතු කළේය.
‘ඔබතුමාගෙ ආරාධනාවට බොහොම ස්තුතියි. හැබැයි මට ඒකට ටික කාලයක් ඕනෙ. මොකද මම දැනට ශ්‍රීලනිපයේ නාගරික මන්ත්‍රීවරයෙක්. අනෙක මට ශ්‍රීලනිපය හොඳට සැලකුවා. ඒ නිසා තීන්දුවක් ගන්නවා නම් මට ඒකට ටික කාලයක් ඕනෙ…’ යනුවෙන් ප්‍රදීප් කියද්දී සජිත් ඊට එකඟතාව පළ කළේය.

‘ඔයා ඕන කාලයක් ගන්න. මොකද අද හෙට ඡන්දයක් නෑනෙ. ඔයාගෙ වචනෙ එනකල් මම කොළඹ තියාගෙන ඉන්නවා…’ යන්න සජිත් ඊට දුන් පිළිතුර විය.

සේනානායක මීමුනුපුරාත් සජිත්ට එක්වෙයි!

මේ ආකාරයට සමගි ජන බලවේගයට යළි ජයවර්ධන යුගයක් ගෙන ඒමට සූදානම් කර ඇති සජිත් ඊට අමතරව යළි සේනානායක යුගයක්ද සමගි ජන බලවේගයට රැගෙන ඒමට සැලසුම් සකස් කර තිබේ. ඒ එජාපය බිහිකළ ඩී.එස්. සේනානායකගේ මීමුණුබුරා වන වසන්ත සේනානායක සමගි ජන බලවේගයට එක්කර ගැනීමට සැලසුම් සකස් කිරීම හරහාය. වසන්ත ඉකුත් යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරුවත් රනිල් පසුකාලෙක වසන්තවත් එජාපයෙන් පන්නා දැමීමට පියවර ගෙන තිබිණි. ඊට හේතුවී තිබුණේ සේනානායක පරපුර පක්ෂයෙන් ඉවත්කොට රුවන් විජයවර්ධන පක්ෂයේ ඉහළට ගෙන ඒමට රනිල් සැලසුම් කර තිබීමය. රනිල්ගේ මේ සැලසුම දැනගත් වසන්ත අන්තයටම කලකිරී දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කළේය.

කෙසේ වෙතත් වසන්ත යනු සජිත්ගේ ළඟම හිතවතෙකි. ඒ අනුව පසුගිය දිනෙකදී වසන්තට කතා කළ සජිත් යළිත් තමන් සමග එක්ව දේශපාලනය ආරම්භ කරන ලෙසත්, ජේ.ආර්.ගේ මුනුබුරාද තමන් සමග එක්වීමට සූදානමින් සිටින බවත් දැනුම්දීමට පියවර ගත්තේය. ඒ අනුව ළඟම දිනෙකදී සජිත් සමග ඩී.එස්.ගේ නියම මුනුබුරාත්, ජයවර්ධනගේ එකම මුනුබුරාත් එකම වේදිකාවක දැකබලා ගන්නට හැකියාව ලැබෙනු ඇත.

දෙමළ ජාතික සන්ධානයට අමෙරිකාවෙන් ආරාධනා!

දෙමළ ජාතික සන්ධානයත් සමග සාකච්ඡාවක් සඳහා මීට මාස හතරකට පමණ ඉහතදී ජනාධිපතිවරයා වේලාවක් ලබාදී තිබූ බවත්, අවසන් මොහොතේ එම සාකච්ඡාව ජනාධිපතිවරයා විසින් අවලංගු කළ බවත් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අවස්ථා කිහිපයකදීම අපි ලියා තැබුවෙමු. ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඇමෙරිකාවට ගොස් දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම් බවට කළ ප්‍රකාශයෙන් අනතුරුව හෝ තමන්ට හමුවක් ජනාධිපතිවරයා විසින් ලබාදෙනු ඇති බව දෙමළ ජාතික සන්ධානය විශ්වාස කළේය. නමුත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඊට කිසිදු අනුකූලතාවක් ලබෙන ආකාරයක් දැකගන්නට නොලැබිණි.

සුමන්තිරන් එක්ක යන නීතීඥයන් දෙදෙනා කව්ද?

එසේ තිබියදී පසුගිය සතියේ දෙමළ ජාතික සන්ධානයට එක්තරා විශේෂ ස්ථානයකින් ආරාධනාවක් ලැබිණි. ඒ වෙන කොහෙන්වත් නොව ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලැබුණු එම ආරාධනාවෙන් කියැවුණේ දෙමළ ජාතික සන්ධානය හා සාකච්ඡා කිරීමට ඇමෙරිකාවේ බයිඩන් පාලනය සූදානමින් පසුවන බවකි.
ඒ අනුව පසුගිය සතියේම මෙම ගමනට එක්වන කණ්ඩායම නම් කිරීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගත්තේය. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරනුත්, තවත් විශේෂ පුද්ගලයන් දෙදෙනකුත්ය. පසුගිය සතිය වන විටත් ඒ පුද්ගලයන් දෙදෙනාගේ නම් එළියට පැමිණ තිබුණේ නැත.

ජනපති දැන්වත් වෙලාවක් දෙයිද?

කෙසේ වෙතත් දෙමළ සන්ධානයේ මේ ඇමෙරිකානු ගමන පිළිබඳ පසුගිය සතියේදී ආණ්ඩුවටද තොරතුරු වාර්තා විය. ඒ අනුව ආණ්ඩුවද ඇමෙරිකාවට යන දෙමළ සන්ධාන නියෝජිතයන් පිළිබඳ සොයා බලන්නට විය. එහිදී දැනගන්නට ලැබුණු තොරතුරුවලින් ආණ්ඩුවද පුදුමයට පත්විය. ඒ අනුව සුමන්තිරන් සමග ප්‍රකට නීතිඥයන් දෙදෙනකු මේ ගමනට එක්වන බව එම තොරතුරුවලින් කියැවිණි.

මෙම තොරතුරු වාර්තා වීමත් සමග ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ඇත්තේ ළඟදීම ජනාධිපතිවරයා විසින්ද දෙමළ සන්ධානයට සාකච්ඡාවක් සඳහා වේලාවක් ලබාදෙනු ඇති බවකි.

කපිල පුංචිමාන්නගේ

Share53Tweet33SendShare13
Previous Post

පොලිස් ඇමැති වීරසේකරට ඇමැතිවරු තුන්දෙනෙක් කැබිනට්ටුවේදී වට කර ‘පහර දීලා’!

Next Post

ඔබේ දරුවා උගතකු කරන රහස…

MORE NEWS

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)
Exclusive

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !
Exclusive

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022
දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)
Exclusive

දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

May 28, 2022
මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!
Exclusive

මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

May 28, 2022
දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!
Exclusive

දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

May 28, 2022
කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)
Exclusive

කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

May 28, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)
Exclusive

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...

Read more
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022
දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

May 28, 2022
මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

May 28, 2022
දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

May 28, 2022
කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net