මතුවෙමින් පවතින බරපතළ ආහාර අර්බූදය විසදීමේ අරමුණින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආහාර සුරක්ෂිතතා කමිටුවක් නිර්මාණය කොට එහි සභාපති ධූරය පොහොට්ටුවේ මන්ත්‍රී නිමල් ලන්සා මහතා හට ලබා දී ඇත.
කෙසේවෙතත් එහිදී දැකගන්නට ඇති විශේෂ සිදුවීම වන්නේ සමගි ජන බලවේගයේ සිටින ආර්ථික විද්‍යා විද්වතකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම කමිටුවේ සාමාජිකයකු ලෙස නම් කොට තිබීමය.
හර්ෂද සිල්වා මහතාට අමතරව තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ලන්සා මහතාගේ මෙම කමිටුවට ඇතුළත් කොට ඇති බවද දැනගන්නට ඇත.