ඉදිරි සති 03ක කාලය ඉන්ධන සහ ගෑස් සපයා ගැනීම අතින් දුෂ්කර කාල සීමාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ජනතාව සිය ගමන් බිමන් සීමා කිරිමට කටයුතු කළ බවයි.
මාසිකව රටේ ඉන්ධන අවශ්‍යතාවය සඳහා ඩොලර් මිලියන 550ක් අවශ්‍ය වන බවත් ඉදිරි මාස 06 ක කාලය සඳහා ඉන්ධන සපයා ගැනීම සඳහා ඩොලර් මිලියන 3300ක් සොයා ගැනීමට අවශ්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම රටේ මාසික ගෑස් අවශ්‍යතාවය සඳහා මාසිකව ඩොලර් මිලියන 40ක් අවශ්‍ය බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ඉදිරි මාස 06 සඳහා ගෑස් සපයා ගැනීමට ඩොලර් මිලියන 250ක් අවශ්‍ය බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.