හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රදවා සිටින වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කිරීමට සමගි ජන බලවේගය සැලසුම් කොට ඇත.
රන්ජන් රාමනායක ජනාධිපති සමාවක් ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම ඊට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව දැනටමත් උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධාන කරන ලෙස දැනුුුම් දෙමින් සියලුම ආසන සංවිධායකයන් වෙත පණිවුඩ යැවීමටද සමගි ජන බලවේගය කටයුතු කොට ඇත.