දිස්ත්‍රික්ක 14කට තද අකුණු සමඟ ගිගුරුම් සහිත වැසි ඇති වන බවට රතු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කොට ඇත.
ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේත් තැනින් තැනත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට ක්‍ෂණික සුළං හමා යා හැකිය.
එම නිසා ගිගුරුම් සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවට අවවාද කරන බව දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නම් කරන ලද දිස්ත්‍රික්ක 14 මෙසේය: යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව, අනුරාධපුර, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, මහනුවර, නුවරඑළිය, බදුල්ල, අම්පාර සහ මොනරාගල යනුවෙන් ඔවුන් පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු ඇඟවූයේ ගස් යට නවාතැන් නොගෙන නිවස තුළම රැඳී සිටින ලෙසයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි සහ විවෘත ජල කඳ වැනි විවෘත ප්‍රදේශවල අනවසරයෙන් ගැවසීමෙන් වලකින ලෙස ජනතාවගෙන් ඉල්ලයි.
ගිගුරුම් සහිත වැසි ඇති විට විදුලි රැහැන් සහිත දුරකථන භාවිතා කිරීමෙන් හා විදුලි උපකරණ විසන්ධි කිරීමෙන් හා ට්‍රැක්ටර්, බෝට්ටු මඟින් ගෙන යන ට්‍රේලර්, පාපැදි වැනි විවෘත වාහන වල ගමන් කිරීමෙන් වළකින්න.
කඩාවැටෙන ගස් සහ විදුලි රැහැන් වලින් ප්‍රවේශම් වන්න.