70 දශකයේ මුල් කාලයේ සිටම ඉතාමත් ජනප්‍රිය චිත්‍රකතා ශිල්පියෙකු වූ වත්තල ආර් ඇන්ටන් මහතා අභාවප්‍රාප්ත විය.
ලංකාවේ චිත්‍රකතා පත්තර නිකුත් වෙන්නට පෙර යුගයේ, ඔහුගේ නිර්මාණ චිත්‍රකතා පොත් වශයෙන් මහජනතාව අතර ඉතාම ජනප්‍රියත්වයට පත්වූ අතර ඒ කාලයේ දී ඔහු පුවත්පත් කාටූන් ශිල්පියෙක් වශයෙන් ද ජනප්‍රිය චරිතයක් විය.
දරුවන් වෙනුවෙන්ම ප්‍රකාශනයට පත් කළ කතාන්දර පොත් රැසකට ම ඔහුගේ චිත්‍රවලින් ලැබුණේ විශාල ආලෝකයකි.

