මේ වනවිට සතොස හරහා රුපියල් 99ට නාඩු සහල් බෙදාහැරීමේ වැඩපිළිවෙළක් සකස් කොට ඇති බව වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ එක් අයකුට කිලෝ 5 බැගින් මෙසේ සහල් ලබා දීමට පියවර ගෙන ඇති බවකි.
මීට අමතරව සීනි, පරිප්පු, සැමන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන්ද සතොස ආයතනවල පහත හෙළා ඇති බව ඒ මහතා කීය.