දෙමටගොඩින් හමු වූ මාරාන්තික ඉන්දීය ඩෙල්ටා වෛරස ප්‍රභේදය සෑම සති දෙකකට වරක්ම දෙගුණ වෙමින් පැතිරෙන නිසා අතිශය භයානක තත්ත්වයක් හටගත හැකි බව ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කොට ඇත.
රෝගය පාලනය නොකළොත් දුර්වල ප්‍රතිශක්තිය ඇති අය සදාකාලික බිහිරි බවට පත්වීමටද ඉඩ ඇති බව ඉන්දියාවෙන් ලැබෙන නවතම වාර්තා පෙන්වා දෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
මෙම භයානක වෛරසය කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 1ක් ලබාගත් අයටද පහසුවෙන් බෝවන අතර දැනට ලොව රටවල් 74ක පැතිරීම නිසා බොහෝ රටවල් හා පාලන ප්‍රදේශ සහමුලින් වසා දමා ඇත.