පසුගිය කාලයේ කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිර ගිය සමයේ දී දැඩි සීමාවන්ට යටත්ව වුව ද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයන් හි නියැලෙන්නන් සිය ව්‍යාපාර පවත්වා ගෙන යාමට සමත් වූ නමුත් ආණ්ඩුව විසින් හිතාමතා රට තුළ නිර්මාණය කළ ආර්ථික අර්බුදය හේතුවෙන් අද වනවිට එම ව්‍යාපාර බරපතල ලෙස කඩා වැටීමකට ලක්ව ඇති බව විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.
පැවති ආණ්ඩුව හෝ පවතින ආණ්ඩුව ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා දීමට අද වනතෙක් අසමත් වී ඇති බවද හෙතෙම සදහන් කර සිටියේය.
මෙහිදී අගමැති වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය රීසෙට් කළ යුතු බවට කළ ප්‍රකාශයට පෙරළා පිළිතුරු ලබා දුන් විපක්ෂනායකවරයා කියා සිටියේ එාස් රීසෙට් කරන විට ඉකුත් වසර දෙකහමාර තුළ සිදුවූ සිදුවීම් මෙමරි චිප් එකක දමා තබාගන්නා ලෙසය.