විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයට ගොස් එම ජනතාව ජලය නොමැතිව විදින දුක සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කළේය.
ඊට අමතරව තවත් විශේෂ ප්‍රශ්න කිහිපයක් පිළිබඳව විපක්ෂ නායකතුමා සිය අවධානය යොමු කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ව කටයුතු කරන අවධියේ දී ප්‍රදේශයේ ජල ගැටලුව විසඳීම වෙනුවෙන් ලුණුගම්වෙහෙර ජල යෝජනා ක්‍රමය වැඩි දියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර නව ආණ්ඩුව විසින් එම ව්‍යාපෘතිය අතරමඟ නවතා දමා තිබේ. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව බලවත් ජල ගැටලුවකට මුහුණ දී සිටී.
මේ පිළිබඳව විපක්ෂ නායක තුමා සිය අවධානය යොමු කළ අතර ලුණුගම්වෙහෙර ජල යෝජනා ක්‍රමය වැඩි දියුණු කිරීම සහ ජල ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාවය එහිදී අවධාරණය කරනු ලැබීය.
මේ අතර, ආණ්ඩුව විසින් ගෙන ඇති පොහොර තහනම පිළිබඳව සිය අවධානය යොමු කළ විපක්ෂ නායකතුමා ප්‍රකාශ කොට සිටියේ කාබනික පොහොරවලට ජනතාව හුරුවන තුරු කාබනික සහ රසායනික පොහොර දෙවර්ගයම භාවිතා කිරීම සඳහා අවස්ථාව සලසා දිය යුතුව තිබූ බවයි .ක්‍රමවත් සහ නිශ්චිත සැලැස්මකට අනුව ගත යුතු තීන්දු තීරණ, පටු අරමුණු වෙනුවෙන් ගැනීම හේතුකොටගෙන මෙරට ගොවි ජනතාවත් සමස්ත රට වැසියනුත් බරපතල අනතුරක අභිමුව සිටින බවද බව ද විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.


