සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, සරදම්කාරී ට්වීටර් පණිවිඩයක් තබා තිබේ.
ඔහුගේ සරදමට ලක්වන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂයි.
ඊයේ දිනයේ දී බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් සදහා කාන්චන විජේසේකර අමාත්‍යවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වාඩි වී සිටි අවස්ථාවට අදාල ඡායාරූපයක් පළ කරමින් ඔහු පහත දැක්වෙන ට්වීටර් පණිවිඩය නිකුත් කර තිබේ.
“දිගින් දිගටම අසාර්ථක වූ ක්‍රීඩකයෙකු කණ්ඩායමෙන් ඉවත් කළ විට, යළි යළිත් කණ්ඩායම් රැස්වීම් සදහා සහභාගී වෙමින් අළුත් නායකයා අපහසුතාවයට පත් කරනවා වෙනුවට, එම ක්‍රීඩකයා වෙනත් ක්‍රීඩාවකට යොමු විය යුතුයි..!”
When players FAIL repeatedly and are dropped from a team they should have the decency to take up another sport instead of coming for team meetings and embarrassing the new captain ! #GotaGoHome pic.twitter.com/6phhLoY4ji
— Sanath Jayasuriya (@Sanath07) June 19, 2022