තාවකාලිකව අත්හිටවූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු හෙට සිට යළි ආරම්භ කරන බව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ඉකුත් නොවැම්බර් මස 15 වනදා සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව තාවකාලිකව වසා දැමුණේ එහි ගබඩා කර තිබූ බොර තෙල් තොග අවසන් වීම හේතුවෙනි.
ඒ අනුව සති 03කට පසු එහි කටයුතු යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව එලෙස වසා දැමුණේ ඉතිහාසායේ පළමු වරටයි.
ඉදිරි සති 02 තුලදී බොරතෙල් රැගත් නෞකාවක් කොළඹ වරායට ලගාවීමට නියමිතව තිබෙනවා. බොරතෙල් මෙටි්‍රක් ටොන් 90,000 ක් මෙලෙස රැගෙන එන අතර එය දින 15 කට පමණ ප්‍රමාණවත් වන බව පැවසේ.