ඉන්ධන මිලදී ගැනීම සදහා ශ‍්‍රී ලංකාව, ඉන්දියාවෙන් ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීමට සාකච්ජා කරමින් සිටින බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර උපුටා දක්වමින් ඉකොනමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කර සිටියි.
ලංකාව, තෙල් ණය පහසුකමක් ලබා ගැනීම සදහා ඉන්දියාව සමග සාකච්ජා කරන බව, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා එහිදී සදහන් කොට ඇත.
මීට අමතරව තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර් ජී.එල්.පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර ඇත.
නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මැතිතුමා හමුවූ අතර, එහිදී මෙම ඉල්ලීම කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මෙහිදී කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශ අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනට මුහුණ දෙන අභියෝග පිළිබඳව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කරුණු දැක්වූ අතර විශේෂයෙන් රටේ තෙල් අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සහන සැලැස්මක් ඉල්ලා සිටියේය.
ඊට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය අල් ජබාර් මහතා කියා සිටියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය උදව් කිරීමට සතුටු වන බවත් , එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කළේය.
ඒ පිළිබඳව ඉක්මනින් පසු විපරම් කිරීම සඳහා දෙරටේම අමාත්‍යවරුන් එකඟ වූ බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මේවන විට ශ්‍රී ලාංකිකයින් 300,000 දෙනෙකු පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත් වෙමින් සේවය කරන අතර , විශේෂයෙන් කොවිඩ්-19 වසංගතය අතරතුර දී ශ්‍රී ලාංකිකයින් සඳහා රැකියා අවස්ථා ලබා දීම සහ ඔවුන්ගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම ශ්‍රී ලංකා රජය අගය කරන බව විදේශ අමාත්‍යවරයා පැවසීය.
සේවකයින්ගේ සුභසාධනය සම්බන්ධව ඵලදායි නීති සම්පාදනය කිරීම ගැන ද අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට ස්තූති කළේය.
තවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහ්යාන් මහතා සමඟ පැවති සිය දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ මෙරට විදේශ අමාත්‍යවරයා , ඉක්මනින්ම එතුමාව ශ්‍රී ලංකාවේ දී පිළිගැනීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළේය.