ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන් විම පිළිබදව සමගි ජනබලවේගයේ නියෝජ්‍ය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (30) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙින්තුව වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
මෙම දත්ත අතුරුදන්වීම රටේ ජාතික ආරක්ෂාවටත්, සෞඛ්‍ය පද්ධතියටත් බරපතළ තර්ජනයක් බැවින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර වැරදිකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.
මේ සඳහා සමගි ජන බලවේගයට අනුබද්ධ නීතිඥවරුන් පිරිසක් ද එක්ව සිටියහ.