පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.
ඒ අනුව අද දින ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
ඊයේ දින සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හා කතානායකවරයා අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇති අතර එහිදී මෙම එකගතාවන්ට එළඹී ඇති බව දැනගන්නට තිබේ.
මනූෂ නානායක්කාර මහතාට පාර්ලිමේන්තුවේදී පහර දීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සූදානම් වූ බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට පියවර ගෙන තිබිණ.