වර්තමානයේ හෙළයට අත්ව ඇත්තේ අතිශය දුක්ඛිත තත්ත්වයක් වුවද ඉතිහාසගත හෙළයා ලෝකයේ නමක් තබාගෙන ඉතා අභිමානයෙන් ජීවත් වූ පිරිසකි. ඒ බව සනාථ වන විවිධ කාරණා සාක්ෂි සාධක ඔස්සේ ඔප්පු වෙමින් පවතී. එසේම කිසිදු සැකයකින් තොරව ඒ බව ඔප්පු වූ කරුණුද රාශියකි. වර්තමානය වෙද්දී කිසිදු නිෂ්පාදන ආර්ථිකයක් නොමැතිව විදෙස් නිෂ්පාදන මත යැපෙන්නට පුරුව සිටින හෙළයා ඒ ඔස්සේම අන්ත අසරණ තත්ත්වයට වැටෙද්දී එවැනි නිෂ්පාදන ආර්ථිකයක් හදාගන්නට තරම් අපට ශක්තියක් නැතැයි කියමින්, ඒ බව සිතමින් අසරණව අඳෝනා තියන තත්ත්වයට පත්ව සිටිති. ඇතැම් විට විවිධාකාරයෙන් ලොව මවිත කළ හැකි නිර්මාණාත්මක වටිනා නිර්මාණ සොයාගන්නට බුද්ධිමත් පිරිස් අදද සිටියද ඔවුන්ගේ නිර්මාණ නිෂ්පාදන මට්ටමට ගැනීමට නොහැකි වාතාවරණයක් රට තුළ නිර්මාණය වී තිබේ. එහෙත් ඉතිහාසගත කරුණු පොතපත ඔස්සේ විවිධ ජනප්‍රවාද ඔස්සේත් සොයාගෙන යද්දී වර්තමානය ගැන ලැජ්ජා සිතෙන මහා අභිමානවත් ඉතිහාසයක් හෙළයාට තිබූ බව හෙළිවෙයි.
බටහිර ජාතීන් අද වෙද්දී නම්දරා සිටින බොහෝ නිෂ්පාදන අතීතයේ හෙළයාට අයිතිව තිබූ දේවල් බව පැවසුවහොත් ඔබත් පුදුම වනු ඇත. එවැනි තවත් එක් සුවිශේෂ නිෂ්පාදනයක් ලෙස වර්තමානයේ ලොව අංක එකේ යැයි සම්මත ධනවත් රටවල පමණක් සාර්ථකව නිෂ්පාදනය කෙරෙන නෞකා නිෂ්පාදනය හඳුන්වා දිය හැකිය. අද මේ කාර්යයේ නම් දරා සිටින්නේ කවුරුන් වුවද මීට වසර දහස් ගණනකට පෙර මේ නෞකා නිෂ්පාදන තාක්ෂණයේ හෙළ වැසියන් සතුවූ විශිෂ්ට තාක්ෂණයක් බවත්, එය හෙළයන් විසින් සොයාගත්, හෙළයන්ටම විශේෂිත අයුරින් සකස් කරගත්තක් බවත් ඉතිහාසගත කරුණු ඔස්සේත් ජනප්‍රවාද ඔස්සේත් හෙළිවෙද්දී එදා හෙළයා සතු මහාපරිමාණ නැව් සමාගම් හතරක් ගැන තොරතුරු හෙළිව තිබේ.
එම තොරතුරුවලින් වැදගත්ම කරුණු හෙළිවී ඇත්තේ මෙරට ඉතිහාසය සම්බන්ධ සුවිශේෂ කරුණු කාරණා රාශියක් තවමත් සැඟවී පවතින නීලගිරි මහසෑ බිමෙනි. ලොව විශාලම නැව් සමාගම් හතරක් ගැන ලියැවුණු සාක්ෂි නීලගිරිය අවටින් හමුවූ සෙල්ලිපිවලින් හඳුනාගත් බව පුරාවිiා විද්වත් මත අනුව පැහැදිලි වෙයි. ඒ අනුව එම නැව් සමාගම් හතර මඩුකසලිය ප්‍රගියන, කම්බෝජ් ප්‍රගියන, අලිපවත මහා ප්‍රගියන, කුබදවසර ප්‍රගියන යන්නෙන් නම්කර තිබී ඇත. මේ අතරින් මඩුකසලිය ප්‍රගියන සමාගම ගැන චීන වාර්තාවලින්ද හෙළිවන බව හඳුනාගෙන තිබේ. එම වාර්තා අනුව අඩි තුන්සිය පනහක් දිග තට්ටු තුනේ නැව් හෙළ දේශයේ සිට චීනයට පැමිණි බව පැවැසේ.
එසේම තවත් රහස් ගණනාවක් මේ නීලගිරි මහා සෑය පිහිටි භූමියෙන් ඒ අවටත් සැඟව ඇති බවට සැකයක් නැත. මන්ද යත් අතීතයේ නාග ගෝත්‍රික රාජධානියක් වූ මෙම කලාපයේ වෙළෙඳාම සම්බන්ධ කාරණාවල අතිවිශාල දියුණුවක් තිබූ බව හෙළිව තිබේ. එසේම රට අභ්‍යන්තරයේ ජීවත්වූ යක්ෂ ගෝත්‍රික ජනයා විවිධ නිෂ්පාදන කාර්යයන්ට සුවිශේෂ කුසලතා දැක්වූවන් බවත්, මල නොබැඳෙන ඉතා දියුණු ලෝහ හා වානේ නිෂ්පාදන සමාගම් රාශියක් මේ යක්ෂ ගෝත්‍රික ජනයා සතුව තිබී ඇති බවත් ඉතිහාසගත කරුණු අනුව හෙළිදරව් වෙයි. එසේම සුප්‍රසිද්ධ ඩම්ස්කස් කඩු සෑදීමට යොදාගන්නේද මෙම වානේ බව හඳුනාගෙන තිබේ. එසේම නිෂ්පාදනය වුණු විවිධ ගොවි උපකරණ හා අවි ආයුධ අදටත් මල නොබැඳී තිබෙනු දැකිය හැකි අතර එකී දියුණු වානේ හා යකඩ තාක්ෂණය ගැන එයින්ම හඳුනාගත හැකිය.
මෙම ඉතිහාසගත කරුණු සහ විවිධ ජනප්‍රවාද ඔස්සේ සොයා බලද්දී එවක මෙරට ජනයා වානේ හා විවිධ ලෝහ වර්ග නිෂ්පාදන කාර්යයේ නම්දරා සිටි ලොව ප්‍රධානම නිෂ්පාදකයන් බවට අනුමාන කළ හැකිය. ඒ අනුව විශාල නෞකා නිෂපාදන කාර්යයද හෙළයා අතින්ම සිදුවූ බවත්, එම නෞකා ලොව අනෙකුත් රටවලට ලබාදෙන්නට ඇති බවටත් අනුමාන කළ හැකිය. එසේම ඉතා දියුණු මට්ටමේ විශාල නෞකා හිමි ලොව විශාලතම නැව් සමාගම් හතරක් ලංකාව සතුව තිබීමට යක්ෂ ගෝත්‍රිකයන් සතු ශිල්පීය දැනුමත්, නාග ගෝත්‍රිකයන් සතු වෙළෙඳ ඥානයත් ඉවහල් වන්නට ඇතැයි අනුමාන කළ හැකිය.
එමෙන්ම නීලගිරි බිමෙහි දීර්ඝ ඉතිහාසයක් ගැන විවිධ ජනප්‍රවාද ඔස්සේ තවත් පුවතක් ඇසෙයි. එයට අනුව රාවණ රජුගේ උප රාජ්‍යයක් මෙම භූමිය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවා තිබී ඇත. එම රාජ්‍යය භාරය කටයුතු කළ කුම්භකරණ කුමරු මෙහි අමුණු බැඳ කුඹුරු අස්වද්දා හෙළයා බතින් බුලතින් සශ්‍රීක කළ බව පැවැසේ. කෙසේ නමුත් රාවණ රජුගෙන් පසුව මෙම ප්‍රදේශයට අත්ව තිබූ විශාල බීජ ප්‍රමාණයක් මුහුදට සේදී ගොස් තිබේ. ඒ අනුව මහා රවණ කොටුව, කුඩා රාවණ කොටුව යන ස්ථාන අද වෙද්දී මුහුදේ පිහිටා ඇති බවටත් හඳුනාගෙන තිබේ.
එවක කුම්භකර්ණ කුමරු හෙවත් කුඹුක්කන් කුමරු කරවූ එක් අමුණකින් කුඹුරු අක්කර විසිඑක් දහසක් අස්වැද්දූ බවත් පසුකාලීනව ඉතිරිව තිබූ එම අමුණ 1818දී ඉංග්‍රීන් වෙඩි බෙහෙත් දමා පුපුරුවා හැර ඇති බවත් පැවසේ.
කෙසේ නමුත් විවිධ කලහකාරී බාධක අභිභවා හෙළ ලෝහ තාක්ෂණය වර්තමානයේද නම්දරා සිටින තත්ත්වයේ පසු වුවද අතීත හෙළයා කළ විස්මයජනක ආර්ථිකය හෙළයාගෙන් අතහැරී ගොස් තිබේ. එහෙත් එදා බොහෝ බටහිර ජාතීන් නෞකා ගැන අසා දැනුවත්ව නොසිටි යුගයක නෞකා තැනීමේ සුවිශේෂ හැකියාවන් හෙළයා සතුව තිබූ බවත්, හෙළයා නිෂ්පාදනය කළ විශාල නෞකා ලොව පුරා රටවලට බෙදාහැරි බවටත් හඳුනාගත හැකිය.
එය වර්තමානයේ කෙසේ වුවද ඉතිහාසය ගැන සිතා හෝ හෙළයාට සතුටු විය හැකි කාරණාවකි.
කුමාර රත්නායක