තමන්ට අසමත් ජනාධිපතිවරයෙක් ලෙස ඉවත් විය නොහැකි බවත්, සිය වසර 5ක සම්පූර්ණ ධූර කාලය දැරීමට තමන් කටයුතු කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
රටේ දේශපාලන අර්බූදය හට ගැනීමෙන් පසු පළමු වතාවට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
එක්කො විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත්, එසේත් නැත්නම් පූර්ණ පාර්ලිමේන්තු ක්‍රමවේදයට යා යුතු බවත් එහිදී කියා ඇති ජනාධිපතිවරයා අතරමැදි තත්ත්වයන් නොමැති බවද කියා තිබේ.
තමන් ඊළග ජනාධිපති ධූරයට තරග නොකරන බවද ඒ මහතා සදහන් කොට ඇත.