තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගත් දෙවන නැව ලංකාවට යැවීමට නියමිත බවත් තවත් නැව් කිහිපයක් එසේ පැමිීණීමට නියමිත බවත් ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හට දැනුම් දී තීබේ.
ස්ටාලින් මහතා සහ මොරගොඩ මහතා අතර සෙනසුරාදා චෙන්නායි හි පැවති හමුවෙන් පසු නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව මහ ඇමැතිවරයා කනස්සල්ල පළ කරන බවයි.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් රුපියල් බිලියන 2 ක මානුෂීය ආධාර සඳහා මහ කොමසාරිස්වරයා ප්‍රධාන අමාත්‍යවරයාට සහ ප්‍රාන්තයේ ජනතාවට ස්තූතිය පුද කළේය.