විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සි. ෆර්ඩිනැන්ඩු කෝප් කමිටුව හමුවට අද (23) යළි කැඳවීමේදී එම සාකච්ඡාවේ සජීව විකාශය අත්හිටුවා තිබිණ.
එහි මුද්‍රිත පිටපත් මාධ්‍ය ආයතන වෙත නිකුත් කර ඇති නමුත් ඒ සම්බන්ධ ඩීඩියෝ එලඹෙන සදුදා නිකුත් කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසා තිබිණ.
එම ක්‍රියාව හොරකම යට ගැසීමක් බව කෝප් කමිටුවේ හිටපු සභාපති ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික සුනිල්හඳුන්නෙත්ති කියයි.
“මම කෝප් කමිටු දරන කාලයේ තමයි මෙම සජීව විකාශය ආරම්භ කළේ. මේ සදහා ඒ සදහා සම්පූර්ණ වියදම දරුවේ එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලෙන්. ඒ සදහා කිසිම වියදමක් ආණ්ඩුව දරලා නෑ. මෙම සජීව විකාශය නිසා තමයි රටේ ජනතාව යම් පමණකට හරි හොරකම් වෙනවා කියලා දැනගත්තේ. මෙම විකාශය නැවැත්වීම හොරකම් යටගැසීමක් වගෙම ජනතාවගේ තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය යට ගැසීමක්“ යැයි කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා පවසනවා.