හෙට දිනයේදී පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රබල පුද්ගලයකු ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව ආණ්ඩුවට සමීප විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම ප්‍රබලයාගේ ඉල්ලා අස්වීමෙන් පසු තවත් ප්‍රබල චරිතයක් පාර්ලිමේන්තුවට පැමිණීමට මේ වනවිට සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරාම සාකච්ජා වට ගණනාවක් ආණ්ඩුව ඇතුළේ පැවැත්වී ඇති අතර ඊයේ දිනය වනවිට එම සාකච්ජා තීන්දු තීරණ රැසක් ගනිමින් අවසන් වී ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානමින් සිටින මෙම ප්‍රබලයාට වර්තමාන ආර්ථික අර්බූදයට විසදුම් සෙවීම සදහා වගකීම් රැසක් බාරදීමට සැලසුම් වී ඇති බවද දැනගන්නට තිබේ.