දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ කුඹුරකට බැස සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු වල නිරත වන ජායාරූප රැසක් සිය ෆේස්බුක් ගිණුමේ පලකිරීමට පියවර ගෙන ඇත.
සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ඥාතියකුට අයත් කුඹුරක සාම්ප්‍රදායිකව සිදුකෙරෙන ගවයින් යොදා සී සෑම , තල්කොලේ ආහාර ගැනීම, කුඹුරේ කිරි උතුරා කිරිබත් පිසීම, සාම්ප්‍රදායික ගොවීන් හමු වී ඔවුන් සමග තල්පතේ ආහාර ගැනීම ආදිය ද සිදු කළේය.
මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන අතරතුර සාම්ප්‍රදායික ගොවි වෘත්තීයේ නිරත වීම සම්බන්ධයෙන් ප්‍රශංශා කොට බොහෝ දෙනා අදහස් පළ කර තිබූ ආකාරයක්ද එහිදී දැකගත හැකි විය.





