වත්මන් රජය විදුලි සංදේශ සහ අන්තර්ජාල සේවාවන්ට අධික බදු පැනවීම හරහා උත්සාහ කරන්නේ ආණ්ඩුවට එරෙහිව ගොඩනැගී ඇති සමාජ මාධ්‍ය රැල්ල අක්‍රීය කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
අද (06) කොළඹදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් පිරිසක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ දිනෙන් දින ගොඩනැගෙන ගෝඨා ගෝ හෝම් අරගල රැල්ල දියාරු කිරීම මෙම බදු පැනවීමේ යටි අරමුණ වී ඇති බවයි.