පාර්ලිමේන්තුවේ කෝප්, කෝපා සහ මුදල් කමිටුවල සභාපතිත්වය විපක්ෂය වෙත ලබාදෙන ලෙස තමන් කරන ලද ඉල්ලීම නොසලකා හැර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පක්ෂ – විපක්ෂ සියලු දෙනා එක්වී සුහදව කටයුතු කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශය අනුව මෙම කමිටුවල සභාපතිත්වය විපක්ෂයට හිමිවිය යුතු බව අවධාරණය කළ සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ ඒ පිළිබඳ අගමැතිවරයා නැවතත් අවධානය යොමුකළ යුතු බවයි.