පවතින අර්බුදය හමුවේ එළඹෙන ජුලි මස මුල් සතිය වන විට රට සම්පූර්ණයෙන්ම වසා දැමීමට සැලසුම් කර ඇති බව ඉන්ධන , වරාය , විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.
පවතින තත්වය හමුවේ ඉන්දීය මැදිහත් වීම බරපතල ලෙස සිදුවන බව පෙන්වා දුන් ආනන්ද පාලිත මහතා මන්නාරම් ද්‍රෝණියේ ඇති රටේ නිධානයක් බඳු මන්නාරම් ද්‍රෝණියේ ඇති සක්‍රිය තෙල් ළිං හතර ඉන්දියාවට ලබා දීමත් කච්චතිව් දුපත ලබා දීමටත් රජය සැලසුම් කර ඇති බව ද හෙළිකළා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ එළඹෙන 24 වෙනිදා ඉන්ධන රුපියල් 200ක උපරිම මිලකින් ඉහල දැමීමට රජය මේවන විට පිඹුරු පත් සැකසා ඇති බවද ඔහු සඳහන් කළා.
රටේ මෙතරම් අර්බුදයක් පවතින අවස්ථාවක ඇමති ධුරයක්ද දරු දැනට මන්ත්‍රී ධුරයක් දරන රාජපක්ෂ පුත්‍රයෙකු ඉන්ධන මගඩියකට සම්බන්ධ වී ඇති බවයි.