• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Wednesday, May 18, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Politics

කින්නියාවේ හුළගෙ පැටලී අනේ පාරුව පෙරළුණා… සුදු නෙළුම් මල් දෑස් පියවී එහා ඉවුරට පාවුණා…!

November 30, 2021
in Exclusive, Politics
A A
කින්නියාවේ හුළගෙ පැටලී අනේ පාරුව පෙරළුණා… සුදු නෙළුම් මල් දෑස් පියවී එහා ඉවුරට පාවුණා…!

පුතේ අපි හරි දියුණු රටක්. මේ සතියේ මැද දවසක අපි කොළඹ හයිවේ එකේ අලුත් කොටස විවෘත කළා. ඒක දෙපැත්තෙ ලස්සනට ලයිට් දාලා තියෙනවා. ඒ පාර යටින් ගලාගෙන යනවා කැලණි ගඟ. ඒ ගඟට ඒ බල්බ් එළිය වැටුණම හරි ලස්නනට තියේවි. දැන් ඉස්සර වගේ නෙවෙයි. කොළඹ යන එන මාමලාට හුඟක් ලේසියි. අපේ රටේ ගාල්ලෙ ඉඳන් කොළඹ එන්නයි, එයාර්පෝට් එකේ ඉඳන් ආයෙත් පෑලියගොඩට එන්නයි අපි අධිවේගී පාරවල් හදලා ඉවරයි. ළඟදිම දවසක අධිවේගී පාරක් නුවර යනවා. ඒ පාර දිගේ අපට පුළුවන් දළදා පෙරහැර බලන්න යන්න. අපි අලුතෙන් ගොඩක් ගොඩනැගිලි හදලා ඉවරයි. අපි අලුත් දේවල් ගැන හිතමින් ඉන්නේ. කොළඹ නම් හුඟක් දේවල් වෙනවා පුතේ. සමහර තැන්වල දෙවැටේ පාරවල්වලටත් කාපට් දාලා. පාලම් බෝක්කු හදලා. අපි හිතන් හිටියේ අපි දැන් දියුණුයි කියලා. කින්නියාවල ඉන්න ඔයාලට කොළඹ පෙන්නන නෙලුම් කුලුන බලන්න එන්න ඉඩ ලැබෙයි කියලා අපි හිතුවෙ නෑ. කවද හරි දවසක කොළඹ ඇවිල්ලා අධිවේගී පාරෙන් එහෙට මෙහෙට යන්න හිටපු ඔයාලා අද වෙනකොට ජීවතුන් අතර නෑ. මේ කතාව මේ විදියට ලියන්න හිතුණේ ඒක හින්දා.

අපි රටක් විදියට ඉන්නේ හුඟක් උස තැනක කියලා හිතන් හිටියට තාමත් පාලම් පාරු එහෙට මෙහෙට යනවා කියන එක දැන් තමයි මිනිසුන්ට මතක් වුණේ. යාපනේ තිරිකුණාමලේ නැත්නම් උතුරෙ නැගෙනහිර විතරක් නෙවෙයි කොළඹින් එහා පැත්තට පැන්න ගමන් පාලම් පාරුවලින් ජීවිතේ පරදුවට තියලා එගොඩවෙන මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඒ මිනිස්සුත් කාටහරි කෙනකුට ඡන්දෙ දීලා තියෙනවා. ඒ මිනිසුන්ගෙ ඡන්දෙනුත් කවුරු හරි කෙනෙක් පාර්ලිමේන්තු ඇවිල්ලි තියෙනවා. ඒ මිනිසුන්ගෙ ඡන්දෙන් පාර්ලිමේන්තු ආපු කෙනාට රජයේ වියදමින් කෝටි ගානක වාහනයක් හම්බවෙනවා. ඒ විතරක් නෙවෙයි පහසුකම් ගොඩක් හම්බවෙනවා. කොළඹින් ගේකුත් ලැබෙනවා. ඒ මහත්තුරු නෝනලා ඔයාලව තිරිකුණාමලේ දාලා, යාපනේ දාලා කොළඹ ඇවිල්ලා සැප විඳිනකොට පුංචි පුතේ ඔයාලා හැමදාම පාලම් පාරුවෙන් එහෙ මෙහෙ යන්න ඇති.

අපට තේරෙන්නේ නෑ ඔයාලගෙ දුකේ දිග පළල. අපට තේරෙන්නෙ නෑ ඔයාලගෙ අම්මලගෙ තාත්තලගෙ දුකේ දිග පළල. ඒත් මේ රටේ දුක් විඳින මිනිස්සු තවමත් ජීවත් වෙනවා කියලා විතරක් ඔයාලා අපට ආයෙත් මතක් කළා. මේ රටේ දේශපාලනය අපට අප්‍රසන්න වෙන තැනකට පත්වෙලා ඉවරයි. පාට පක්ෂ භේදවලින් තොරව සියලු දේශපාලකයො තමන්ගෙ පවුල්වලට තමන්ගෙ ගේදොරවලට තමන්ගෙ ළඟ මිනිසුන්ට විතරක් සුඛිත මුදිත ජීවිත හදල දීලා ඔයාලයි අපියි අපි හැමෝම අන්ත අසරණ කරලයි ඉන්නේ.

එදා උදේ පාන්දර ඉර මල පිපුණට පස්සේ පුංචි පුංචි කුරුලු කිරිලියො වගේ ඔයාලා සුදු ඇඳුම් ඇඳගෙන ඉස්කෝලෙ යන්න එන්න ඇති. ඉස්සර වගේම පාලම් පාරුව ඈත ඉඳන් ඔයාලව එක්කන් එනකන් එයාල බලාගෙන ඉන්න ඇති. ඔයාලට පාලම් පාරුව පේන්න ඇත්තේ යාළුවෙක් වගේ. මොකද හැමදාම ඔයාලව එගොඩ කළේ පාලම් පාරුව. ඔයාට එගොඩ යන්න පාලමක් හදලා දෙන්න බැරි රතම් අපේ රටේ දේශපාලනය දුප්පත්. ඒත් පුතේ ඔයාලා දන්නවද දන්නෙ නෑ අපේ රටේ ‘ජොගින් පාත්’ කියලා ජාතියක් තියෙනවා. ඒ ජොගින් පාත් හදන්න රුපියල් බිලියන ගණන් සල්ලි වෙන් කරලා දේශපාලකයො එක එක සංවිධානත් එක්ක හරියට රණ්ඩු වෙනවා. ඒ රණ්ඩු වෙන්නේ ජොගින් පාත් එක හදන්න ඉඩ දෙන්න කියලා. අපේ රටේ දේශපාලකයො තමන්ගෙ ලයිට් බිල ගෙවන්න, තමන්ගෙ ටෙලිෆෝන් බිල ගෙවන්න කෝටි ගණන් සල්ලි වියදම් කරනවා. ළඟදි දවසක හම්බන්තොටට කාර් රේස් පදින්න අලුත් පාරක් එනවා. ඒක හරි ෂෝක්. එතකොට ඒකෙ කාර් රේස් පදින මාමලාට නැන්දලාට මාර ජොලියක් තියේවි. ඒත් පුතේ ඔය කාටවත් ඔයාලව එගොඩ කරන්න පාලමක් හදලා දෙන්න බැරි වුණා. ඔයාලා එදා ගියෙත් ඉස්කෝලෙ යන්න. පුංචි හිත්වල හුඟක් හීන තියෙන්න ඇති. අම්මලගෙ තාත්තලගෙ හිත්වල බලාපොරොත්තු පොදියක් තියෙන්න ඇති. අපේ පුංචි කෙල්ල, පුංචි කොල්ලා මේ පාලම් පාරුවේ ජීවිතේ මරණය අතේ තියාගෙන කවදා හරි දවසක ලොකු මහත්තයෙක් වේවි, එහෙම ලොකු මහත්තයෙක් වෙච්ච දවසක අපේ විඳින දුකට තිත තියයි, අපේ ජීවිත ලස්සන වෙයි කියලා. ඔයාලත් පුංචිකමට මොන මොනව හරි හිතන්න ඇති. ජීවිතේ කියන්නෙ ලස්සනම ලස්සන දෙයක් කියල තමයි පුංචි කොල්ලො කෙල්ලන්ට තේරෙන්නේ.

මේ ජීවිතේ නරකයි, මේ දේශපාලකයො නරකයි, මේ රටේ සිද්ධ වෙන දේවල් නරකයි කියලා ඔයාලට කවුරුවත් කියා දීලා තියෙන්න නැතිව ඇති. උතුරෙද දකුණෙද කියලා නෑ පුතේ. අපි ඔක්කොම එකයි. අපි ඔක්කොගෙම ඇඟවල්වල දුවන්නෙ එකම ලේ. අපි ඔක්කොම බිව්වෙ එකම මවු කිරි. මේ ඉර හඳ යට ජීවිතේ බෙදාගන්න උඹලට අපිට බැරි කළේ මේ රටේ දේශපාලකයො. උඹලවයි අපිවයි ඈත් කළේ මේ රටේ දේශපාලකයො. උඹලා කියන කඳුළු කතාවල් අපට නොතේරෙන්න උඹලගෙ භාෂාව අපට උගන්වන්නෙ නැතිව ඉඳලා, අපි කියන කතාව උඹලට නොතේරෙන විදියට උඹලට අපේ භාෂාව උගන්වන්නෙ නැතිව ඉඳලා උඹලවයි අපිවයි ඈත් කරලා උඹලගෙ ගමේ දේශපාලකයො උඹලගෙ ඡන්දෙන් පාර්ලිමේන්තු ආවා. එහෙම කාලකණ්ණි දේශපාලකයො තමයි පුතේ ඔයාලගෙ පාලම හදන එක මඟහැරියෙ.

පත්තරකාරයෙක් විදිය මමත් ඒ වරදට හවුල්කාරයෙක්. මෙච්චර කල් මේ රටේ එහෙට මෙහෙට ඇවිද්ද මට, උඹලට එගොඩ වෙන්න පාලමක් නෑ කියන අඩුව දැනුණෙ නෑ. ඒ අඩුව නොදැනෙන විදියට උඹලා වැඩ කළා වෙන්න ඇති. අඳුරට සාප කර කර ඉන්නව වෙනුවට එක පහනක් හරි පත්තු කරන්න ඕනෙ කියලා හිතාගෙන මේ කොවිඩ් අස්සෙත් උඹලා ඉස්කෝලෙ යන්න පිටත් වෙනවා. ඒත්, එදා පාලම් පාරුව උඹලත් එක්ක පෙරළුණා. හයදෙනෙක් මියගියා. මේ ලියන මොහොත වෙනකොට තවත් දෙන්නෙක් ඉන්නේ දැඩි අධීක්ෂණය යටතේ. ඒ දෙන්නගෙ ජීවිත ආරක්ෂා වෙන්න කියලා මම උඹලගෙ දෙවියන්ගෙනුත්, අපේ දෙවියන්ගෙනුත් දෙගොල්ලන්ගෙන්ම ඉල්ලනවා. ජාති, ආගම්, කුල භේදයකින් තොරව අපට හරි දුකයි. ඒ දුක උඹලව පරිස්සම් කරගන්න බැරිවෙච්ච එක ගැන.

ලෝකය දියුණු වෙනකොට, හඳට යන්න පාරවල් හදනකොට, අඟහරු ලෝකෙ පදිංචියට යන්න සැලසුම් හදනකොට උඹලව එගොඩ කරන්න පාලමක් හදන්න අපට බෑ. අපේ රටේ දේශපාලකයො කෝටි ගණන් සල්ලි නාස්ති කරනවා. තවදුරටත් මේ රට සංවර්ධනය වෙලා කියලා හරි තව දුරටත් මේ රට දියුණු වෙලා කියලා හරි, තව දුරටත් මේ රටේ මාර්ග පද්ධතිය මාරම තැනක තියෙනවා කියලා හරි පංපෝරි ගහන දේශපාලකයෙක් ආවොත් අතට අහුවෙන එකකින් ගහලා එළවලා දාන්න. ජාති, කුල, ආගම් භේද අපට තියෙන්න ඕනෙ නෑ. සිංහලද දෙමළද කියලා නෑ.

තීන්දුව තියෙන්නේ අපේ අතේ. අපේ දරු පැටව් අනාරක්ෂිතයි නම්, ඒ දේශපාලකයො අපට වැඩක් නෑ. එදා කින්නියාවෙදි පෙරළුණු පාලම් පාරුවෙ හිටපු පුංචි පැටව් අපට කියල ගිය පාඩම ඒක.

සමාවෙයං පුතේ… උඹලව පරිස්සම් කරගන්න බැරි වුණාට…

ජීවන පහන් තිළිණ

Share56Tweet35SendShare14
Previous Post

ගංජා ගහන අයට සුබ ආරංචියක්! ආණ්ඩුව වවන්න අවසර දෙන්න යයි!

Next Post

තිස්සගේ වම්බටු කතාවෙන් මන්ත්‍රීවරියෝ කැළඹුණේ ඇයි? කුට්ටි ඇනගත්තාද? නැත්නම් කොටාගත්තාද?

MORE NEWS

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!
Exclusive

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!
Exclusive

තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

May 18, 2022
පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!
Exclusive

පොහොට්ටුවේ ඉන්දික අනුරුද්ධයි ඩී. වීරසිංහයි පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ෆෝන් පැහැරගැනීම ගැන මාධ්‍ය සංගමය කතානායකට පැමිණිලි කරයි!

May 18, 2022
අරහෙන් මෙහෙන් ඩොලර් එනවා කියපු අය මේ වීඩියෝ එක බලන්න! ලංකාව අද ණය ගෙවන්න බැරි තත්ත්වයට පත්වෙනවා! සල්ලි ගෙවන්නේ කොහොමද? කකුලෙන් අදින්න නෙමෙයි අහන්නේ! හර්ෂ අහපු ප්‍රශ්නෙට රනිල් උත්තර නොදී පැන යයි! අලි සබ්‍රි මැද්දට පැනලා ඇත්තම කතාව කියයි! (VIDEO)

ලසන්ත වික්‍රමතුංග විකුණගෙන කාපු මේ රටේ මාධ්‍යවලට මේවා පේන්නේ නෑ! අන්න ලසන්ත ගැන හේග් නුවර නඩුව අහනවා! ඝාතනය ගැන විමර්ශන කරලා රටින් පිටවුණු IP නිශාන්ත සිල්වා මිග් ගනුදෙනුව ගැන සාක්ෂි දෙනවා! පුලුවන් නම් ඒවත් මාධ්‍යවල දාන්න!

උද්ඝෝෂණය මැද්දට ආයුධ ගත් යුනිෆෝම්කාරයො එව්වේ කව්ද? කව්ද දැන් මුදල් ඇමැති! පැන්ඩෝරා සල්ලිවලට මොකද කරන්නේ? සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! (VIDEO)
Exclusive

සජිත් පාර්ලිමේන්තුව හෙල්ලෙන කතාවක් කරයි! රනිල්ගේ අලුත් සංස්කෘතියේ සලුපිළි එකින් එක ගලවයි! රාජපක්ෂලාගේ ප්‍රචණ්ඩත්වය රටටම පෙන්වයි! මිනිස්සු දුක් විඳින හැටි කතා කරයි! ආසයි බයයි නෙමෙයි ලැජ්ජාවයි බයයි තිබිය යුතු බව අවධාරණය කරයි! අනිවාර්යයෙන් කතාව අහලා බලන්න! (VIDEO)

May 18, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!
Exclusive

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022

කුලියාපිටිය නගර සභාවේ උපසභාපති ෂෙල්ටන් වනසිංහ මහතා (එජාප) සිය ධුරයෙන් ඉල්ලා...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

රනිල්ගෙ ඩීල් නිසා මිනිස්සුන්ට මූණ දෙන්න අමාරුයි! කුලියාපිටිය නගර සභාවේ UNP උපසභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙයි!

May 18, 2022
තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

තිරිඟු පිටි මිල රුපියල් 35කින් ආයෙමත් නග්ගයි! මිනිස්සු විතරක් නෙමෙයි බේකරි හිමියොත් හාන්සියි!

May 18, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net