• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අමතක වුණු කතා… සල්ලි ගෙවා මාස 5යි, ගූ නැව නෑ, ශෂීන්ද්‍ර ඉන්නවා, මහින්දානන්ද ඉන්නවා, මිනිස්සුත් ඉන්නවා, අපිත් ඉන්නවා…

June 14, 2022
in Exclusive
A A
අමතක වුණු කතා… සල්ලි ගෙවා මාස 5යි, ගූ නැව නෑ, ශෂීන්ද්‍ර ඉන්නවා, මහින්දානන්ද ඉන්නවා, මිනිස්සුත් ඉන්නවා, අපිත් ඉන්නවා…

ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව මෙරට පොදු ජනයා හාස්‍යයට ලක් කරන එක් කරුණක් වනුයේ ගැසට් පත්‍රිකා නිකුත් කිරීමය. ඔවුන් කියන්නේ ගෝඨාගේ ආණ්ඩුව ගැසට් ගැසූ තරම් ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන්වත් කැසට් ගසා නැති බවයි. මේ වූ කලී හුදු හාස්‍යය ඉක්මවා ගිය ගැඹුරු දේශපාලන අර්ථයක් සහිත විහිළුවකි. ගැසට් පත්‍රය යනු රජයේ වැදගත් නිවේදන මහජනයාට රැගෙන යන ප්‍රකාශන මාධ්‍යයය. එවන් වැදගත්කමක් සහිත ගැසට්ටුව ජනාතාව අතර විහිළුවක් බවට පත්කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවයි. යම් කිසි නිශ්චිත කරුණකට ගැසට් එකක් නිකුත් කොට දින දෙක තුනකින් එය අවලංගු කර තවත් එකක් නිකුත් කිරීම ගෝඨාගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය විය. සැලසුම් විරහිත බව, කරුණු අධ්‍යයනයෙන් තොරව තීරණ ගැනීම, රාජ්‍ය නිවේදනයක ඇති බරපතළ බව නොදැන කටයුතු කිරීම වැනි අටෝරාසියක් දුර්වලකම් පිරුණු ගෝඨාගේ ආණ්ඩුව ෆේල් බව ලංකාවටම උදාහරණ සහිතව කීවේ මෙකී වගකීම් විරහිත ගැසට් නිකුත් කිරීමය.

අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර ආදී කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල ගම්බද ගොවි ජනයාට ලංකා ආණ්ඩුවේ ගැසට් ගැන එතරම් නිච්චියක් නැත. එහෙම වුණත් 2021 අප්‍රේල් 21 වැනි දින රසායනික පොහොර, වල් නාශක සහ පලිබෝධ නාශක තහනම් කරමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය ඔවුන්ගේ මතකයෙන් දිවි ඇති තුරා ගිලිහෙන්නේ නැත. මුළු ජාතියේම බත්පතට වැලි දැමූ එම ගැසට්ටුව වර්තමාන ආර්ථික අර්බුදයේ මෙන්ම ආණ්ඩුවේද ඇදවැටීමේ ආරම්භය විය. අනුරුද්ධ පාදෙණිය, අතුරලියේ රතන වැනී කුප්‍රකට දේශපාලන සහ සිවිල් සමාජ ක්‍රියාකාරික චරිත විසින් මුරුංගා අත්තේ කෙළවරටම නැග්ගූ ගෝඨාභය රාජාපක්ෂ ජනාධිපතිවරයා හතරගාතයෙන් බිම වටුණේත්, දුප්පතා බත් කන්නට නොව කැඳ බොන්නට අමාරුවෙන් මිලට ගන්නා සහල් කිලෝව රත්තරන් ගණනට මිල ඉහළ ගියේත් මේ පොහොර තහනම් කිරීමේ ගැසට්ටුව නිසාය. ජනාධිපතිගේ ඉලක්කය වූයේ මුළු රටම කාබනික වගාවෙන් පුරවාලීමය. වසර විසිපහක් පමණ දිගු කාලයක් ගෙන විද්‍යාත්මක ප්‍රවේශයකින් කළ යුතු රාජකාරියක් පැය 24කින් කරන්නට යාමෙන් සිදුවූ හරිය කියන්නට අප අමුතුවෙන් කාලය වැයකළ යුතු නොවේ.

මේ පෘථිවිය මත ඇති වගාබිම්වලින් පූර්ණ කාබනීකරණයට ලක්ව ඇත්තේ 1.5%ක් තරම් අඩු ප්‍රමාණයකි. එම ප්‍රමාණයෙන් 70%ක් පමණ සත්ව ආහාර ලෙස වවා ඇති තණ බිම් වෙයි. එබැවින් ජනාධිපතිවරයා සහ ඔහු වටා සිටි කේවට්ටයන් ලංකාව එක රැයින් කාබනික කෘෂිකාර්මික රටක් බවට පත් කරන්නට තීරණය කළේ මේ රටේ මිනිසුන් ගවයන් යැයි සිතමින්දැයි විටෙක සිතේ. රසායනික පොහොර සඳහා ආණ්ඩුවේ ආදේශය වූයේ කාබනික පොහොරය. දිරායන ශාක සහ සත්ව කොටස් මුල් කරගත් කාබනික පොහොරවල නයිට්‍රජන් ප්‍රතිශතය රසායනික පොහොරවලට සාපේක්ෂව අඩු අගයක් ගනී. ශාක වර්ධනයට අත්‍යාවශ්‍ය සෙසු සංඝටකද එසේමය. එබැවින් රසායනික පොහොර කිලෝවකින් ලබාගන්නා පලදාව ලබාගනු වස් කාබනික පොහොර කිලෝ දහයක් පහළොවක්වත් යෙදිය යුතු වේ. මේ නිසා ඕනෑම වගාවකට කාබනික පොහොර යොදන්නේ නම් ඒවා මහා පරිමාණයෙන් යෙදිය යුතු වේ. ඊට විශාල පොහොර ප්‍රමාණයක් සහ භූමියේ ඉඩ ප්‍රමාණයක් යෙදිය යුතු අතර එකී වැයකිරීම්වලට සාපේක්ෂව ලබෙන ප්‍රතිඵල ඉතා සීමිත වේ. ලංකාවේ මුළු අවශ්‍යතාවට ප්‍රමාණවත් පොහොර දේශීයව නිපදවා ගන්නා බව රජය කීවත් එම ඉලක්කය සපුරාගනු තබා ඊට ළංවීමටවත් අපට හැකි වූයේ නැත. එහෙයින් ඉතිරිවූ එකම විකල්පය රසායනික පොහොර ආනයනයයි. එහෙත් ලංකාවේ පැවැති නිරෝධායන නීතිරීතිවලට අනුව කාබනික පොහොර පමණක් නොව වෙනත් කාබනික ද්‍රව්‍යද ආනයනය සපුරා තහනම් වෙයි.

කාබනික පොහොර සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් SLS 1704-2021 යන ප්‍රමිති සකස් කර තිබේ. එකී ප්‍රමිතිය ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක 1988 අංක 69 දරන පොහොර නියාමන පනත, 1964 අංක 44 දරන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත, 1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනත, 1980 අංක 26 දරන ආහාර පනත, 1992 අංක 59 දරන සත්ව රෝග පනත, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත, නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥාපනත (222 වැනි පරිච්ඡේදය), සහ ඒවායේ සංශෝධනවලින් පනවා ඇති සීමාකිරීම්වලට යටත් වෙයි. මෙවැනි නීති සමුදායකින් කාබනික පොහොර ආනයනයට බාධා පමුණුවා ඇත්තේ මෙරට ජෛව විවිධත්වය, පස සහ ජලයේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට බව ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසන්නේය. පූර්වාරක්ෂක මූලධර්මය පදනම්ව පනවා ඇති මෙම නීතිරීති අණපනත්වල අරමුණ හානිකර ජීවීන්, දිළීර, බැක්ටීරියා වැනි දේ මෙරටට පමිණිම වළකාලීම බව ඔහු අවධාරණය කරන්නේය.

නමුත් මෙකී නීතිරීති ගැන නොතකා ආණ්ඩුව හිතුමනාපයට චීනයේ ක්ෂින්ඩාවෝ බයෝ ටෙක් ආයතනයෙන් කාබනික පොහොර තොගයක් ඇනවුම් කරන්නේය. මෙටි්‍රක් ටොන් 20,000කින් යුත් එහි පළමු තොගය රැගත් ‘හිපෝ ස්පිරිට්’ නෞකාව 2021 වසරේ ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණියේය. එහි වූ පොහොර නියැදි පරීක්ෂාවෙදී එම් පොහොරවල අර්විනියා සහ බැසිලස් යන බැක්ටීරියාවන් ඇතුළත් බව තහවුරු වන ලදී. චීන සමාගම ඊට එරෙහි විය. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අනුව බැක්ටීරියා සහිත බව තහවුරු වීම පොහොර මාෆියාවේ ප්‍රතිඵලයකි. මෙම බැක්ටීරියා අතරින් අර්විනියා නම් බැක්ටීරියාව මිනිසා ඇතුළු සතුන්ගේ ජීර්ණ පද්ධතියේ ඇති බැක්ටීරියාවක් වන බැවින් මෙම පොහොරවල මිනිස් අසූචි ඇති බව තහවුරු විය. ශ්‍රී ලංකාව චීන කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කරන ලද අතර චින සමාගමේ සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ අදහස වූයේ දෙවැනි නියැදි පරික්ෂාවකට යා යුතු බවයි. එහෙත් දෙවැනි පරීක්ෂාවේ වාර්තාවෙන්ද පෙර ප්‍රතිඵලයම ලබුණු බැවින් පොහොර තොගය ප්‍රතික්ෂේප විය. චීන සමාගම පරීක්ෂණ වාර්තා දෙකම ප්‍රතික්ෂේප කරමින් පොහොර තොගය බලහත්කාරයෙන් ශ්‍රී ලංකවේ ගොඩබෑමට උත්සාහ ගන්නා ලදී. මුල් අවස්ථාවේ පොහොර තොගය වෙනුවෙන් පෙනී සිටි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මේ වන විට ඉන් ඉවත්ව සිටි නමුත් කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා වු ශෂීන්ද්‍ර රාජපක්ෂ දිගින් දිගටම ඒ වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ ගනිමින් සිටියේය. චීන තානාපති සමග සකච්ඡා කළ ඔහු පොහොර තොගය නියමිත ප්‍රමිතියට සකස් කරන්නේ නම් එය භාරගැනීමට කැමැත්ත පළ කළේය. ජීවානුහරණය කර බැක්ටීරියා විනාශ කිරීමට යෝජනා වූ අතර විද්වත් මතය වූයේ රත් කිරීම හෝ වෙනයම් ක්‍රමයකට ජීවානුහරණය කිරීමේදී සියලු ක්ෂුද්‍ර ජීවීන් විනාශව යන බැවින් එම පොහොර තොගය කාබනික ද්‍රව්‍යයක් නොව හුදු කසළ තොගයක් පමණක් වනු ඇති බවයි. එහෙත් චීනය අමනාප කරගැනීමට නොහැකි බව කියමින් කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා සිය ස්ථාවරයේම රැඳී සිටින ලදී. රාජපක්ෂවරයෙක් මේ ගනුදෙනුවට සම්බන්ධ බවට ඇතිවූ සැකය නිසා ජනතාව මේ පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නට යෙදුණි. පොහොර තොගය ශ්‍රී ලංකාවට ගෙන එන විටත් ඊට අවශ්‍ය ආනයන බලපත්‍රය ලබාගෙන නොතිබුණු අතර පෙර නියැදි පරීක්ෂාවක්ද කර තිබුණේ නැත. මෙම නිසා මේ පොහොර ගනුදෙනුව සාමාන්‍ය එකක් නොව දේශපාලන බලය මුසුවුණු එකක් බව පැහැදිලි විය.

චීන පොහොර සමාගම මධ්‍යස්ථ තුන්වැනි පාර්ශ්වයකින් පොහොර නියැදි පරීක්ෂාවට යෝජනා කරන ලදී. ඒ යෝජනාවට දේශපාලන අධිකාරියේ යම් එකඟතාව පළවුවද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ස්ථාවරය වී තිබුණේ, නැවට ඇතුළු වීමට හෝ පොහොර රට තුළට ගෙන ඒමට ඉඩ නොදිය යුතු බවයි. මේ වන විට ක්ෂින්ඩාවෝ සමාගම වෙනුවෙන් විවෘත කර තිබූ ණයවර ලිපියට මුදල් ගෙවීම වළකාලමින් කොළඹ වාණිජ මහාධිකරණය 2021 ඔක්තෝබර් 26 වැනි දින මහජන බැංකුවට වාරණ නියෝගයක් නිකුත් කර තිබුණි. මෙම තත්ත්වය නිසා කෝපයට පත් චීන තානපති කාර්යාලය එය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කරන්නට යෙදුණි. ඊට සමගාමීව චීනය මහජන බැංකුව අසාදු ලේඛනගත කරන ලදී. එය ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව මත වැටුණු කළු පැල්ලමක් වූ අතර පවතින ආර්ථික අර්බුදය සමග චීනය කළ ක්‍රියව නිසා පසුකාලීනව ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ ලෝකය සැකයෙන් බලන්නට පුරුදු විය.

මේ අතර අසූචි මිශ්‍ර පොහොර තොගය රැගත් චීන නෞකාව සිංගප්පූරුව බලා පිටත්වූ බව කියැවිණි. එහි ගොස් එරට ක්‍රියාත්මක ජාත්‍යන්තර අධිකරණයේ ශ්‍රී ලංකාවට එරෙහිව සාපරාධි විශ්වාසය කඩකිරීමේ වරදට නඩු පවරන බව චීනය ප්‍රකාශ කරන්නට යෙදුණි. එසේ වුවහොත් නෞකාව නැංගුරම්ලා තිබූ දිනකට ඇමෙරිකානු ඩොලර් 30,000 බැගින් ගෙවීමට සිදුවිය හැකි බව අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර පාර්ලිමේන්තුව හමුවේ පවසන ලදී. මේ වන විට පොහොර තොගය රැගෙන ශ්‍රී ලංකාවෙන් පිටත්වූ ‘හිපෝ ස්පිරිට්’ නෞකාව සිංගප්පූරුවේදී එහි නම ‘සෙයියෝ එක්ස්ප්ලෝර්’ ලෙස වෙනස් කරගෙන ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළත් වූ බව ෂිප් ඉන්ෆෝ නමැති ජාත්‍යන්තර නාවික දත්ත සටහන් විශ්ලේෂක ආයතනය පවසයි. එම නෞකාව 2021 ඔක්තෝබර් 24 හෝ ඊට ආසන්න දිනයක ශ්‍රීලංකාවේ ගිනිකොන දිග මුහුදු තීරයේ කුඩා රාවණ ප්‍රදීපාගාරය අවට මුහුදේ නිරීක්ෂණය විය. ඉන් පසුව එය චන්ද්‍රිකා සබැඳියාවන් අක්‍රීය කරන ලද අතර, යළි නොවැම්බර් 02 වැනි දින මාතර සහ වැලිගම අතරදී නිරීක්ෂණය විය. නෞකාව යළි කොළඹ වරාය දෙසට පැමිණෙන බව වාර්තා වීමත් සමග රට තුළ නොසන්සුන්තාවක් හටගන්නා ලදී. පොහොර මෙටි්‍රක් ටොන් 20,000ක් නිසා චීන – ශ්‍රී ලංකා සබැඳියාවන් බිඳවැටෙන්නට ආසන්න අඩියකට පත්විය. මේ වන විට අසූචි මිශ්‍ර පොහොර නෞකාව දින 60කට ආසන්න කලයක් ශ්‍රී ලංකාව අවට ගැවසෙමින් තිබූ අතර ප්‍රශ්නය හිතුවාට වඩා දුර යන බව පෙනෙන්නට තිබිණි.

අවසන වාණිජ මහාධිකරණය පනවා තිබූ මුදල් ගෙවීමේ වාරණය ඉවත් කරනා ලද අතර 2022 ජනවාරි මස 06 වැනිදා ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 6.9ක මුදලක් චීන සමාගමට ගෙවන ලදී. එම මුදලට සරිලන තත්ත්වයෙන් උසස්, ආර්වීනියා නම් හානිකර බැක්ටීරියාවන්ගෙන් තොර නව පොහොර තොගයක් ගෙන ඒමට සමාගම පොරොන්දු වූ මුත් එය ඉටු නොවීය. අවසන ඩොලර් සංචිත සිඳීයාම නිසා එදිනෙදා අහාර ද්‍රව්‍ය, ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි දේ වෙනුවෙන් වැයකිරීමට ඉතිරිව තිබූ සොච්චම් ඩොලර් ප්‍රමාණයෙන් මිලියන 6.9ක් පොහොර කිලෝ ග්‍රෑම් එකක්වත් නොගෙන චීනයට ගෙවීමට අපට සිදුවිය. අපට පොහොර නොලැබුණු නමුත් මුදල් ගෙවූ නිසා පොහොර ගෙන්වූ අතරමැදියට හිමි කොමිස් මුදල නම් නිසැකවම ලැබෙන්නට ඇත.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Share88Tweet55SendShare22
Previous Post

කෑම මිල ගණන් ඉහළ යාමේ පළමු ප්‍රතිපලය නිකුත් වෙයි! රටේ දරුවන්ගෙන් 17%කට මන්දපෝෂණය! 50%කට කැල්සියම් ඌණතාව!

Next Post

ලංකාවේ අගනාම දේපළ වෙළෙඳාම් සන්නාමය ලෙස Prime සමූහය පිදුම් ලබයි…

MORE NEWS

සුමන්තිරනුයි කවිරත්නයි එක දවසින් පාර්ලිමේන්තුවේ ඩීල්කාරයෝ හෙළිකරපු හැටි රෙහාන් සුද්ද සිංහලෙන් කියයි! (VIDEO)
Exclusive

ජාති ආගම් පක්ෂ පාට බේද නැති ලංකාවේ ක්‍රිකට් අස්සට කැලණියේ නයි පෙන්නුවා ‌වගේ කහ පාට ෂර්ට් ගෙනල්ලා විනාශයක් කරන්න හැදුවෙ කව්ද? මෙන්න රෙහාන්ගෙ හෙළිදරව්ව! (VIDEO)

June 24, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)
Exclusive

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 24, 2022
සංවේදී කාරණා නිසා ෆර්ඩිනැන්ඩෝ කෝප් එකට කියපු දේවල් අඩංගු වීඩියෝ එක එළියට දාන්නේ නැතිලු! මට ආරංචියි ලොකු මන්දිරවල දාපු ඩීල් මේකෙ තියෙනවා කිව්වා! ඒවා මිනිස්සු දැනගන්න ඕනේ! මේක යටගහන්න මම ඉඩදෙන්නේ නෑ! විපක්ෂනායක කෝප් එකට එරෙහිව යුද ප්‍රකාශ කරයි! (VIDEO)
Exclusive

නින්දිත පහත් විදිහට ක්‍රිකට් ජයග්‍රහණය පොහොට්ටුවේ කණ්ඩායමක් දේශපාලන ගේම් එකකට යොදාගන්නවා! කහ පාට ගේම් එකට විපක්ෂ නායකත් පහර දෙයි! (VIDEO)

June 24, 2022
ක්‍රිකට් අස්සෙ ගහන්න ගිය කහ මල් දේශපාලන ගේම පටන් ගත්ත හැටියේම පච වෙයි! පිපෙන්නෙ නැතිව පරවෙලාම යයි!
Exclusive

ක්‍රිකට් අස්සෙ ගහන්න ගිය කහ මල් දේශපාලන ගේම පටන් ගත්ත හැටියේම පච වෙයි! පිපෙන්නෙ නැතිව පරවෙලාම යයි!

June 24, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!
Exclusive

නැව එන දිනයක් කියන්න බෑ! වෙච්ච වැරැද්දට කංචන සමාව ඉල්ලයි! (VIDEO)

June 24, 2022
අලුත් එක්කෙනා ඊට හපන්! අපි තාමත් මහ පාරේ! පැලවත්තේ මහ පාරේ ඉඳන් මිනිස්සු කියන කතා! (VIDEO)
Exclusive

ගෑස් දෙන්න රනිල් පත් කරපු අලුත් සභාපති මුදිත පීරිස් දැන් කියනවා තව සති දෙකක් යනකම් ගෑස් එන්නෙ නෑලු! පෝලිමේ ඉන්නෙ නැතිව ගෙදර ඉන්නලු!

June 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජනතාව ආගමක් සේ සලකන ක්‍රිකට් ක්‍රීඩාව තුළට දේශපාලනය ගෙන ඒමට කිසියම්...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

සුමන්තිරනුයි කවිරත්නයි එක දවසින් පාර්ලිමේන්තුවේ ඩීල්කාරයෝ හෙළිකරපු හැටි රෙහාන් සුද්ද සිංහලෙන් කියයි! (VIDEO)

ජාති ආගම් පක්ෂ පාට බේද නැති ලංකාවේ ක්‍රිකට් අස්සට කැලණියේ නයි පෙන්නුවා ‌වගේ කහ පාට ෂර්ට් ගෙනල්ලා විනාශයක් කරන්න හැදුවෙ කව්ද? මෙන්න රෙහාන්ගෙ හෙළිදරව්ව! (VIDEO)

June 24, 2022
සජිත් ප්‍රහාරය අරඹයි! මම හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්! අවුරුදු 20ක් හම්බන්තොට කට්ට කාලා දේශපාලනය කරලයි මෙතනට ආවේ! මහබැංකුව කොල්ලකාපු හොරු රාජ්‍ය බැංකුවලට බිලියන ගණන් පොලු තියලා! දැන් මහබැංකු මහ හොරුන්ට පුලුවන්ද මේවා අල්ලන්න! අපි බලන් ඉමු! (VIDEO)

පොහොර ටික නෑ! අස්වැන්න අඩු වුණොත් කරන දේ දන්නෙ නෑ! හාල් නැති වුණොත් ගේන්නෙ කොහෙන්ද කියන්නෙ නෑ! කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් හමුවේදී සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

June 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net