රටේ ජනතාව පෝලිම්වල දුක් විඳිද්දී ආණ්ඩුව කොමිස් කුට්ටි ලබාගැනීමක නිරතව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අද (21) පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කළේ ඉන්දියාව ලබාදී ඇති ණය පහසුකම හරහා ඖෂධ ගෙන්වීමෙන්ද ආණ්ඩුව කොමිස් ලබාගනිමින් සිටින බවයි.
ඉදිරියේදී එම වංචනිකයන් කවුරුන්ද යන්න හෙළිකරන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.