• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ප්‍රසිද්ධ පන්සලක හැංගිලා වැඩ කරන අද්භූත අමුත්තා…

December 5, 2021
in Exclusive, Mahawanshaya
A A
ප්‍රසිද්ධ පන්සලක හැංගිලා වැඩ කරන අද්භූත අමුත්තා…

වැව් දිය පිස එන මඳ නළ හිමිදිරි සීතලට මුසුව හාත්පස පැතිර යමින් තිබිණි. අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත වැව්වල පිපුණු නෙලුම් මානෙල් ඕලු මල්වල සුවඳ ඒ සුළඟට මුසුවී පරිසරය සුවඳවත් කළේය. පූජා නගරයේ වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතව වෙසෙන බොහෝ ජනී ජනයාට මහා සංඝයාට මේ සුවඳ හුරුපුරුදුය. හැමදාමත් පාන්දර යාමය ආසන්න වෙද්දී මේ මල් සුවඳ විඳ අවදි වන්නෝ අනුරපුරයේ ඕනෑ තරම් වෙසෙති.

මේ සියල්ල අතරේ අනුරාධපුරය ආසන්න සුප්‍රසිද්ධ විහාරස්ථානයක ආවාසය තුළ වැඩසිටි නායක ස්වාමින්වහන්සේට වෙනදා නොඇසෙන මහ අමුතු හඬක් ඇසුණේය. උන්වහන්සේ කලබලයෙන් නැගිටගත්තේ වෙනදාට නොඇසුණු එම හඬ ගැන විමතියෙනි. ඉතා අවධානයෙන් අවටින් ඇසෙන හඬවල් තෝරා බෝරාගන්නට උත්සාහ කළ හිමියෝ තමාට අමුතුවෙන් ඇසෙන්නේ මළුව අමදින හඬක් බව වටහා ගත්හ. උන්වහන්සේ ඊළඟට බැලුවේ බිත්තියේ වූ ඔරලෝසුව දෙසයි. වේලාව පාන්දර තුන පසුවී විනාඩි කිහිපයක් ගතවී තිබිණි. මේ වෙලාවට මළුව අමදින්නට කිසිවකු නැති වග උන්වහන්සේ හොඳින්ම දැන සිටියේය. තරමක් කුතුහලයෙන් කල්පනා කරමින් සිටි උන්වහන්සේ ජනෙල් කවුළුව අසලට ගොස් එහි අගුල ඇර යන්තමින් විවර කර වටපිට බැලූහ. තැන තැන විදුලි බුබුළු කිහිපයක් දැල්වෙමින් තිබුණු අතර බෝ මළුව අසලද එක් විදුලි පහනක් පමණක් දැල්වුණේය. එහි ආලෝකයෙන් උන්වහන්සේට ඒ අවට පරිසරය හොඳින් පෙනුණේය. සුදු පොරෝනයක් හැඳගත් කෙනකු මළුව අමදිමින් උන්නේය. ඒ කවුද යන්න හඳුනාගත නොහැකි වූ අතර මුහුණ වැසෙන ආකාරයට රෙදිකඩක් ඉහිරී ඇති බවක්ද පෙනෙන්නට තිබිණි.

‘මේ කවුද මේ…?’ නායක හිමියෝ තනිවම සිතූහ. පසුව උන්වහන්සේ ජනෙල් කවුළුව වසාදමා ගොස් සැතපුණේ කාට හෝ පින් සිතක් පහළවන්නට ඇතැයි සිතමිනි.

‘ඈ පොඩිනම අද පාන්දර යාමේ කවුද බෝමළුව ඇමදුවා ඇහුණේ…?’

නායක හිමියන් ඇසුවේ සැකයෙනි. පොඩි හාමුදුරුවෝ තරමක් විමතියෙන් බලා සිටියහ.

‘බෝමළුව නෙවේ අපේ හාමදුරුවනේ මුළු පන්සල් මළුවම ඇමදලා නොවැ තිබුණේ…’

සාමණේර හිමියන්ගේ කතාවෙන් විමතියට පත්වුවද නායක හිමියන් කිසිවක් කියන්නට ගියේ නැත. එදින බදාදා දිනයක් වූ අතර ඊට පසු දිනත් එලෙසම වේදැයි නායක හිමියන් අවධානයෙන් සිටියද එදින එවැන්නක් සිදුවූයේ නැත.

‘ඔය රාත්‍රියේ පන්සලේ නතර වෙච්ච කෙනෙක් වෙන්ටෑ’

නායක හිමියන් එසේ තීන්දු කළද ඊට පසු එළැඹි සෙනසුරාදා පාන්දර යාමයේද සුපුරුදු හඬම උන්වහන්සේට ඇසුණේය. එතැන් පටන් සතියේ සෑම කෙම්මුර දිනෙකදීම මේ හඬ හුරුපුරුදු හඬක් වූ අතර නායක හිමියන් ඒ ගැන එතරම් කලබලයට පත් වූයේද නැත. එහෙත් මේ අමුත්තා කවුද කියා දැනගන්නට උන්වහන්සේට අවශ්‍යතාව තිබිණි. එහෙයින් ඊට සුදුසු දිනයක් උදාවන තුරු බලා සිටි නායක හිමියන් සෙනසුරාදා දිනෙක ඒ හඬ ඇසෙද්දී හෙමිහිට මළුව දෙසට ඇවිද ගියේ රහසින් මෙනි. උන්වහන්සේ ඒ අසලට වඩින තුරුම ඇසුණු හඬ හිටිහැටියේම නෑසී ගියේය. අමුත්තා අතුරුදන්ව තිබිණි. ඉදල් තබන තැන සියලු ඉදල් නිසි ලෙස තබා තිබිණි.

නායක හිමියෝ පන්සල් මළුව පුරා ඇවිද ගොස් බැලූහ. සියලු ස්ථාන නිසි ලෙස පිරිසිදු කර තිබිණි. කොළ රොඩු නියමිත තැන්වලට දමා තිබූ අතර මල් ආසනද සියල්ල පිරිසිදු කර තිබුණේය. එකම එක තැනක පිපුණු විගස නෙළාගත් අරලිය මලක් තබා පහනකුත් හඳුන්කූරකුත් දැල්වෙමින් තිබිණි.

‘කවුද මේවා කළේ…?’

නායක හිමියෝ තනිවම සිතූහ. එහෙත් ඊට පිළිතුරක් සොයාගැනීම උන්වහන්සේට පහසු නොවීය. සතියේ සෑම කෙම්මුර දිනෙකදීම මේ කටයුත්ත කෙරුණද නායක හිමියන් එදෙසට යද්දී අමුත්තා අතුරුදන්ව ගොසිණි. හඬ ඇසෙන සැණින් ගියද එය එසේමය. එහෙත් ඒ සෑම දිනෙකම සම්පූර්ණයෙන්ම පන්සල් භූමිය පිරිසිදු කර අවසන්ව තිබුණේය.

‘පොඩිනම මේ අඟහරුවාදාට පන්සලේ ගේට්ටුවෙ ඉබ්බා දාලා තිබ්බා නම්…’

නායක හිමියන්ගේ උපදෙස් පරිදි ගේට්ටුව වසාතිබ්බද අමුත්තාගේ පැමිණීමත් පන්සලේ මළුව ඇමදීමත් නතර නොවීය. එය දිගටම සිදුවූ අතර පන්සල් භූමියේ වෙසෙන සියලුම අයට මෙය සුපුරුදු හඬක් විය.

ඔය අතරේ දිනෙක පාන්දර යාමේ පන්සලේ ඝණ්ටාරය එක දිගටම නාදවූ අතර සියලු දෙනා කලබලවී ඒ දෙසට දිව ගියේය. එහෙත් ඝණ්ටාරය අසල කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. එහෙත් චෛත්‍යය අසල නාරස්සන කිහිපයකුත් තාච්චි කූඩ කිහිපයකුත් තිබුණු අතර සිදුවීමට ගිය විනාශය සියල්ලන්ටම සිතාගන්නට අපහසු නොවීය. ඝණ්ටාරය නාද කළේ වෙනදාට පන්සල පිරිසිදු කරන අමුත්තාම වියයුතු යැයි නායක හිමියන්ට තේරුම් ගියද උන්වහන්සේ ඒ ගැන කිසිවකු සමග කියන්නට ගියේ නැත.

එදා මෙදාතුර කාලයේ බොහෝ කෙම්මුර දිනවල මේ සිදුවන සිදුවීම තවමත් ඇතැම් දිනවලට පමණක් සිදුවන බව එම පූජා භූමි තුළ වෙසෙන හිමිවරුන් සහ ජනයා අත්දැකීමෙන් දන්නා මුත් කිසිවකු මේ ගැන කියන්නට නොයන්නේ ඒ ගැන සාක්ෂි සාධක ඇතිව ඔප්පු කරන්නට බැරි නිසාය. වර්තමාන නායක හිමියන්ගෙන් මේ ගැන ඇසූ විට උන්වහන්සේ ඊට පිළිතුරු දුන්නේ නිහඬ සිනාවකිනි. එහෙත් සාමණේර හිමිනමක් ඉතා උනන්දුවෙන් ඒ බව පිළිගත්තේ තමා ලද අත්දැකීමද විස්තර කරමිනි.

සත්‍ය කතාවකි
නම්ගම් සියල්ල මනඃකල්පිත බව සලකන්න
කුමාර රත්නායක

Share64Tweet40SendShare16
Previous Post

කොන්ද පණ නෑ! කතානායකත් එක්ක බෑ! (VIDEO)

Next Post

ජීවිත රක්ෂණ වාරික ගෙවීම සඳහා ලංකා QR පහසුකම…

MORE NEWS

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!
Exclusive

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!
Exclusive

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022
සභාග ආණ්ඩුත් නෑ! අන්තර්වාර ආණ්ඩුත් නෑ! පොහොට්ටුව විතරයි! ඇමැතිකම් ගැන විමල්ලා වැට උඩ!
Exclusive

දානවා දානවා කියපු 21 සංශෝධනය හෙට කැබිනට් එකට එන්නෙ නෑ! ජනපති වෙන යෝජනාවක් කරයි! EXCLUSIVE

May 22, 2022
මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?
Exclusive

මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

May 22, 2022
මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!
Exclusive

මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

May 22, 2022
ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…
Exclusive

ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

May 22, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!
Exclusive

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022

'මාධ්‍යයන් තුළ හා සමාජ මාධ්‍ය තුළ මා පක්ෂය හැර යන ප්‍රවෘත්ති...

Read more
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022
සභාග ආණ්ඩුත් නෑ! අන්තර්වාර ආණ්ඩුත් නෑ! පොහොට්ටුව විතරයි! ඇමැතිකම් ගැන විමල්ලා වැට උඩ!

දානවා දානවා කියපු 21 සංශෝධනය හෙට කැබිනට් එකට එන්නෙ නෑ! ජනපති වෙන යෝජනාවක් කරයි! EXCLUSIVE

May 22, 2022
මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

මෛත්‍රී මහින්ද ආණ්ඩුව = ගෝඨා රනිල් ආණ්ඩුව, ඒකට දින 52යි : මේකට දින කීයද?

May 22, 2022
මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

මයන්ත සජබෙ දාලා යන්නෙ නෑ කිව්වාම රුවන් විජයවර්ධනගේ ‘ඩේලිමිරර්’ එක මයන්ත යනවා වගේ ප්‍රවෘත්තියක් දාලා! අනුන්ගේ සදාචාරය ගැන කතා කරන උන්ගේ මාධ්‍ය සදාචාරය ඔන්න ඕකයි!

May 22, 2022
ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

ගෝඨා-රනිල් ආණ්ඩුවට වෙන්න යන දේ ගැන ප්‍රවීණ ජ්‍යොතිෂවේදී තොටවත්ත විග්‍රහකරයි…

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net