• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…

May 1, 2022
in Exclusive, Mahawanshaya
A A
වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…

දිනකට දහස් ගණනක් සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවන රුවන්වැලි මහ සෑය ඇසට පෙනෙන පූජනීයත්වය අභිභවා ගිය සැඟවුණු විස්මිත බලයක් සහිත නිර්මාණයක් ලෙස සැලකේ. ඒ අනුව රුවන්වැලි මහ සෑයේ ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ විවිධ පර්යේෂණ කරන්නට බොහෝ ජ්‍යොතිෂවේදීන්, වාස්තුවේදීන් කටයුතු කර තිබේ. ඒ අතරින් ප්‍රවීණ වාස්තු විද්‍යාවරියක වන ෂෙරීන් අමෙන්ද්‍රා තම පර්යේෂණ තුළින් හඳුනාගෙන ඉදිරිපත් කර ඇති කරුණු සුවිශේෂ වෙයි. ඇගේ මේ පැහැදිලි කිරීම මහාවංශය, ථූපවංශය වැනි ඉතිහාස ග්‍රන්ථ ඇසුරින් සන්සන්දනය කර බැලීමේදී සත්‍ය බව හඳුනාගන්නට පහසු වන අතර දුටුගැමුණු මහ රජුගේ මෙම සුවිශේෂ චෛත්‍ය නිර්මාණය මුළු විශ්වයම පාලනය කරන්නක් දැයි කෙනකුට සැක සිතිය හැකි නිර්මාණයකි.

ඉතිහාස ග්‍රන්ථ අනුව චෛත්‍යයේ ඇතුළත නිර්මාණය ගැන සඳහන් වන බොහොමයක් අංග චෛත්‍යයට එකතු කර ඇත්තේ ඇසට පෙනෙන දෙයට වඩා ඇසට නොපෙනෙන ශක්තියක් නිර්මාණයට බව ඉතා පැහැදිලි වෙයි. ඒ අනුව මෙහි ඉදිකිරීම්වලට යොදාගත් බව කියන බෝරැක්ස් තඹ තහඩු රිදියෙන් රත්තරනින් කළ අඩි 6, 4 ප්‍රමාණයේ පෝච්චි මෙන්ම ඊට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා පෝච්චි ආදිය යම් ආකාරයක විiුත් පරිපථයකට සමාන ඉදිකිරීමක් බව හඳුනාගෙන ඇත. මේ හරහා විදුලි ධාරා ප්‍රමාණයක් තැන්පත් කර ගැනීම, ගබඩා කරගැනීම වැනි ක්‍රියාවලියක් සිදුනව බව හඳුනාගෙන ඇත.

වර්තමානයේ දියුණු කළ ට්‍රාන්ස්ෆෝමර්, ට්‍රාන්සිස්ටර් හා සමාන ක්‍රියාවලියක් මේ නිර්මාණ හරහා ඉතා අලංකාරව කර ඇතත් එහි සැඟවුණු බලය අතිවිශාල බවයි පැවසෙන්නේ. එසේම වර්තමානයේ එල්.ඊ.ඩී., එල්.එල්.ඩී. වැනි නිෂ්පාදනවල ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රමවේදයකට රුවන්වැලි සෑයේ පාදම ඉදිකර ඇති අතර රජගහනුවරින් වැඩම කළ ඉන්ද්‍රගුප්ත තෙරුන්ගේ පූර්ණ උපදෙස් මත ඉදිකර ඇති මෙම සෑයේ සියලු අමුද්‍රව්‍ය ඉතා සූක්ෂ්ම පරීක්ෂාවකින් පසුව ලබාගත් බවත් පැවසෙයි. එලෙස සුවිශේෂ අධීක්ෂණයක් ඇතිව මෙම චෛත්‍යය ඉදිකිරීමට ප්‍රධාන හේතුව නම් පෙනෙන දෙයට වඩා නොපෙනෙන ශක්තිය සහ පැවැත්ම ගැන තිබූ විශ්වාසය බවයි පැවසෙන්නේ.

මෙහි තවත් විශේෂිත කරුණක් ගැන හඳුනාගෙන තිබේ. එනම් මහාවංශයට අනුව මෙම චෛත්‍යයේ මුලින්ම තිබී ඇත්තේ කොත් කැරැල්ලක් නොව ඡත්‍රයකි. එම ඡත්‍රයෙහි ශෛලමය තැන් තුනක් තිබී ඇත. එම ඡත්‍රාවලියට පහළින් දැවැන්ත තඹ තහඩුවක් තැන්පත් කර ඇති අතර එය උපඛීලය ලෙසින් හඳුන්වා තිබේ. එම උපඛීලය ඡත්‍රාවලිය හා ගජස්ථම්භය දාගැබේ පාදම හා සම්බන්ධ කෙරෙන තඹ කූරක්ද ස්ථාපනය කර ඇති අතර එයින් අකුණු අනතුරු වළක්වන එකට අමතරව වලාකුළු අතර නිපදවෙන විදුලි ධාරා ඉතා සූක්ෂ්මව ඇදගෙන චෛත්‍යයේ පාදමේ පවතින ඉලෙක්ට්‍රොනික් උපාංග හා සමාන සුවිශේෂ නිර්මාණ වෙත ලබාදී ඇති බවටත් මත පළවේ.

රුවන්වැලි මහ සෑය යනු අතිපූජනීය ස්ථානයකි. ඒ, බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන්වහන්සේලා මෙහි තැන්පත් කොට ඇති හෙයින්. එම ධාතු තැන්පත් කිරීම උදෙසා ඉදිකළ කුටිය නිමවා ඇත්තේ මේදපිණ්ඩික නම් විශේෂිත පාෂාණ වර්ගයකිනි. විදේශයකින් ගෙන්වා ඇති එම පාෂාණය ධාතු කුටියේ බිත්තිවලට සහ ඉහළටත් පහළටත් යොදා ඇති බව පැවසෙයි. ඒ අනුව මෙම පාෂාණ විශේෂය මෙම කුටීර හරහා කිරණ ගමන් කිරීමේ හැකියාවක් ඇති පාෂාණ වර්ගයක් විය හැකි බවට අනුමාන කෙරේ.

විශේෂිත අලංකාරයක් සහිත එම කුටියේ ධාතු තැන්පත් කොට ඇත්තේද විශේෂ ආකාරයකට බවයි වංශකතාවල සඳහන් වන්නේ. එම තොරතුරු අනුව කුටිය තුළ ඉදිකළ විශේෂිත වේදිකාවේ නිල් මැණික් හා අනෙකුත් මැණික් වර්ග තැන්පත් කිරීමත්, රිදියෙන් කළ බෝ පැළ ස්ථාපිත කිරීමත් මේ තුළ සිදුවන ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලිය ඉතා සංකීර්ණ බව පැහැදිලි වෙයි. නිල් මැණික් යනු සපායර්ය. පලිඟුවල අඩංගු වන්නේ සිලිකන්ය. ඒ අනුව සිලිකන් මත සපායර් නූතන ලෝකයේ යොදා ගැනෙන තාක්ෂණයක් වන අතර එය ලොවට හඳුන්වාදී ඇත්තේ හැරල්ඩ් මානසෙවිට් නමැති විiාඥයා විසිනි. ඒ, 1963දීය. එහෙත් ඊට වසර දහස් ගණනකට පෙර දුටුගැමුණු රජු මෙම තාක්ෂණය භාවිත කිරීම තුළම එවක පැවැති තාක්ෂණික ඥානය පැහැදිලි වෙයි.

මේ අනුව ඉතා පැහැදිලව හඳුනාගත හැකි කරුණක් වන්නේ ධාතු ගර්භයේ ආරක්ෂාවට ඇසට නොපෙනෙන විiුත් ධාරාවක් ක්‍රියාත්මක වන අතරම මෙහි නිර්මාණය වන ශක්ති කදම්භය හරහා විශ්වය සමගත් මෙය වන්දනාමාන කරන සැදැහැවතුන්ගේ සිත් සතන් සමගත් සම්බන්ධයක් ඇති කෙරෙන බවයි. ඒ අනුව රුවන්වැලි සෑය අබියස භක්තිමත්ව වන්දනාමානයේ යෙදෙන පිරිස්වලට ඇතැම් විස්මිත දේ මනසින් දකින්නට අවස්ථාව උදාවනු ඇතැයිද අනුමාන කළ හැකිය. එහෙයින් ඇසට පෙනෙන දෙයට වඩා සුවිශේෂ කාරණා රාශියක් රුවන්වැලි මහ සෑය තුළ සිදුවන බව පැහැදිලි වෙයි. මේ මහා විස්මය මනසින් දකින්නා සැබෑවටම සිත දියුණු කරගත්තකු බව පමණක් විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළ හැක්කේ එහෙයිනි.

කුමාර රත්නායක

Share64Tweet40SendShare16
Previous Post

අරගල භූමිය අලුත් වෙයි! කුරුසිය කරේ තියන් ආපු ජෙහාන් ගෝල්ෆේස් වේදිකාව උඩ කරපු දේ! (VIDEO)

Next Post

ලංකාවේ වැඩිම කලාකරුවන් පිරිසක් පාරට බැහැලා ආණ්ඩුවකට යන්න කියපු ඒ පෙළපාලිය! (VIDEO)

MORE NEWS

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)
Exclusive

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!
Exclusive

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!
Exclusive

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)
Exclusive

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!
Exclusive

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

‌ේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට තරුණයන් පිරිසක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක්...

Read more
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net