ඉන්ධන අර්බුදය විසඳීම සඳහා සාගල රත්නායක මහතාගේ මැදිහත් වීම තවදුරටත් අවශ්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා අද (09) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කංචන විජේසේකර මහතා සඳහන් කළේ ඉන්ධන මිලට ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන සපයා දීම වෙනුවෙන් සාගල රත්නායක මහතා සාධනීය වැඩකොටසක් සිදුකරමින් සිටින බවත්, ඔහුගේ මැදිහත් වීම ඉදිරියටත් අපේක්ෂා කරන බවයි.