මේ වනවිට ප්‍රමිතියට නියමිත ගෑස් වෙළෙදපොළට නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ අදාළ ගෑස් තොග පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි සංයුතිය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව තහවුරු කොට ඇති බවකි.
කෙසේවෙතත් මීට පෙර පිපිරුණු ගෑස් ලිප් සම්බන්ධයෙන් හෝ ඒවාට ගන්නා ක්‍රියාමාර්ග හෝ සම්බන්ධයෙන් අමාත්‍යවරයා කිසිවක් ප්‍රකාශ නොකිරීම විශේෂ සිදුවීමකි.