වත්තේගම ප්‍රදේශයේදී ඊයේ අලුයම ලොරි රථයක් සීසර්වරු විසින් රැගෙන යාමේදී එහි හිමිකරු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
අදාල ලීසිං ආයතනයේ කළමණාකරු විසින් එම තරුණයාට තර්ජනය කොට කියා ඇත්තේ ,ඔහුව මරා දමා හෝ ලොරි රථය යළි තමන් භාරයට ගන්නා බවයි.
ඒ අනුව පැමිණි පිරිස විසින් ලොරි රථය රැගෙන යාමේදී අදාළ තරුණයාද ලොරි රථය පසුපස දුව ගොස් තිබෙනවා.
එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ පවුලේ හිතවතුන් චෝදනා කරන්නේ මෙම මරණය සැක සහිත බවයි .
කෙසේ වෙතත් රටක් ලෙසට ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථාවක මෙවැනි වූ ජනතාව පීඩාවට සහ අසරණ කරමින් ලීසිං ආයතන විසින් සිදු කරන ක්‍රියාවන් නම් කිසිලෙසකින්වත් අනුමත කල නොහැකියි