21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කැදවා තිබූ සාකච්ඡාවකට සහභාගී වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්ට ඉදිරි පෙල අසුනකින් පිටුපස අසුනකට යවා තිබීම විශේෂ සිදුවීමක් විය.
ඊයේ (02) සවස දේශපාලන පක්ෂ නායකයින් සමඟ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අගමැතිවරයා පැවැත්වූ සාකච්ඡාවක දී මෙම සිදුවීම සිදුව ඇත.
අරලියගහ මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට ඉදිරි පෙල අසුනක් පනවා තිබුණද එම සාකච්ඡාවට ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පැමිණ සිටියේ නැත.
ඒ වෙනුවෙන් වෙන්කළ අසුන දෙමළ ජාතික සන්ධානය නියෝජනය කර තිබූ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාට වෙන් විය යුතුව තිබුණත් ඔහු පක්ෂ නායකයෙක් නොවන බව පවසමින් පසුපස පේළියේ අසුනක් වෙන්කර ඇත.
එම සාකච්ඡාවේ දී 21 වෙනි සංශෝධනය විවේචනය කරමින් සුමන්තිරන් මන්ත්‍රීවරයා අදහස් දක්වා ඇතත් අනෙක් පක්ෂ නායකයින් අදහස් දක්වා තිබුණේ සංශෝධනයට පක්ෂව බව පැවසේ.
කෙසේවෙතත් සුමන්තිරන් මහතා සහ එම පක්ෂ නියොා්ජිත ශානක්‍යයන් රාසමාණික්කම යන මහත්වරුන් රනිල් වික්‍රමසිංහ මහතා දැඩිව විවේචනය කරන්නන් ලෙස ප්‍රකටය.
පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක තෝරාගැනීමෙන් පසු මොවුන් දෙදෙනා දැඩිව වික්‍රමසිංහ මහතා ගේම්කාරයකු ලෙස හදුන්වමින් විවේචනය කළේය.
එවැනි පසුබිමක් යටතේ පාර්ලිමේන්තුවේ වෙනත් පක්ෂවලින් දිනා පැමිණි එක් අයකු පමණක් සිටින පක්ෂවල නියෝජිතයන්ට පවා ඉදිරි පෙළ අසුන් පනවා මන්ත්‍රීවරුන් 16 දෙනකු සිටින දෙමළ ජාතික සන්ධානයට පසුපෙළ අසුනක් පැනවීම පිළිගත නොහැකි කරුණක් බව සාකච්ජාවේ සිටි බොහෝ දෙනකු සදහන් කර සිටිනු දැකගත හැකිවිය.