පොලීසිය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලවන සමයක පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මිනිස්කම පිළිහිඹු වන විඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙයි.
අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ නෙත ගැටෙන්නේ පොළොන්නරුව බැදිවැව හංදිය ආසන්නයේදීය.
එම රථයෙන් රෝගී වු කුඩා දරුවෙකු පොළොන්නරුව රෝහල වෙත රැගෙන යමින් තිබුණි.
එය නිරීක්ෂණය වූ පොලිස් නිලධාරීන් දෙදෙනා වහා ක්‍රියාත්මක විය.
ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයට ඉදිරියෙන් ඇති වාහන පසකට කරමින් ත්‍රීරෝද රථයට මඟ දෙපස ඉඩ සලසා දෙන්නේ එම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන්ට කළ හැකි සම්මාදම කරමිනි..
ඊයේ (05) සවස අදාළ සිදුවීම සිදුව ඇති බව වාර්තා වෙයි.
මෙම උදාර ක්‍රියාව කර තිබුණේ පොළොන්නරුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් බව වාර්තා වෙයි.