ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණයේ නිරත තරුණයන්ගේ අත්වල ලේ තැවරී ඇතැයි මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂ අද (10) ප්‍රතිචාර දැක්වූවා.
එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මහින්ද රාජපක්ෂ, ජනාධිපති ධුරය දැරූ සමයේ සිදුවූ ඝාතන රාශියක වගකීම ඔහු විසින් භාරගත යුතු බවත්, එවැනි චෝදනා එල්ලවී සිටින හිටපු ජනාධිපතිවරයා ගාලුමුවදොර අරගලකරුවන්ට චෝදනා කිරීම විහිලුවක් බවයි.