එදා යහපාලන රජය සමයේ ස්වර්ණවාහිනී නාළිකාවට ආයෝජනය කිරීමට පැමිණි සුබාෂ්කරන් අල්ලිරාජා කොටියකු ලෙස හංවඩු ගැසූ පිරිස් අද ඒ මහතා කටුනායක ගුවන්තොටුපොළේ වීවීඅයිපී පර්යන්තයෙන් රට ඇතුළට රැගෙන විත් සාකච්ජා පවත්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඔහුට අද ආණ්ඩුව රට ඇතුළේ ගමන් බිමන් යාම සදහා හෙළිකොප්ටර් පවා ලබා දී ඇති බවද වික්‍රමරත්න මහතා කීය.