පවුලක බලය රැක දීමට හෝ බලයට කෑදරවූවන් පිනවීමට හදන ආණ්ඩුවක තනතුරු ලබා ගැනීමට වඩා ගෙදර යෑම සැප යැයි සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ජනාධිපතිවරයා කළ යුත්තේ සැබෑ ලෙසම රට ගොඩනැගිය හැකි ජනතාව පතන වෙනසකට අවස්ථාව සලසාදීම බවයි ඔහු කියන්නේ.
තමාට මුදල් ඇමැති වෙන්නැයි ඉල්ලීම් පැමිණියද එය ප්‍රතික්ෂේප කළ බව පැවසූ මන්ත්‍රීවරයා ජනරැල්ල කිසිසේත්ම පාවා දිය නොහැකි බව සඳහන් කරනවා.
ජනතාව ඉල්ලන්නේ මෙවැනි දේශපාලන ගේමක් නොවේ යැයි මන්ත්‍රීවරයා පවසනවා.