ඉකුත් දෙවසර කොරෝනාවෙන් රට බේරාගැනීමට කටයුතු කළා සේ ඉදිරි අවුරුදු දෙක රටේ ආර්ථිකය නගා සිටුවීමට යොදන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේය.
ඒ සදහා රටේ සියලු දෙනාටම ආරාධනා කරන බව කී ජනාධිපතිවරයා සියලු දෙනාම ඊට කැපවිය යුතු බවද කියා සිටියේය.
රට ගොඩනැගීමේදී තමා පිළිබද විශ්වාසය තබන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.