හෙළි නොකළ වත්කම් නීත්‍යානුකූල තත්ත්වයට පත් කිරීමට ඉඩකඩ සැලසෙන මුදල් පනත් කෙටුම්පත අද(07) පාර්ලිමේන්තුවේදී සම්මත විය .
ඒ, වැඩි ඡන්ද 90 කිනි .
කෙටුම්පතට පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 44 කි.
මුදල් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ, හෙළිදරව් නොකළ බදු – වත්කම් හා ආදායම් ස්වේච්ඡාවෙන් හෙළි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මූලික කර ගනිමින් ය.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ ය.
එහිදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ , වගන්ති කිහිපයක් සංශෝධනයට ආණ්ඩුව පියවර ගන්නා බවයි.