ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක සුසෑන් වෝක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය.
මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බූදයෙන් රට ගොඩනැගීම සම්බන්ධයෙන්වන කරුණු කාරණා රැසක් පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාව වෙත ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබාදෙන සහයෝගය පිළිබඳව ද විපක්ෂ නායකතුමා එහිදී සිය ස්තූතිය පුද කරනු ලැබීය.