ශ්‍රී ලංකාවේ ස්ථිරසාර හා කල් පවත්නා දේශපාලන විසඳුමක් ස්ථාපිත කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස එක්සත් ජනපද නියෝජිතයින් වන ග්‍රෙගරි ඩබ්ලිව්. මීක්ස් සහ විදේශ කටයුතු කමිටුවේ සභාපති සහ ශ්‍රේණිගත කිරීමේ සාමාජික මයිකල් මැකෝල් විසින් රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවේ වසර 30කට ආසන්න සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු, එක්සත් ජනපද ප්‍රතිපත්තිය ප්‍රතිසන්ධානයට සහ වගවීම සඳහා අඛණ්ඩව සහාය දෙන බව සහතික කිරීමටත්, ගැටුමේ මූලික හේතු පිළිබඳව ද අවධානය යොමු කිරීමටත්, විදේශ කටයුතු කමිටුව උනන්දු විය යුතු බවද එක්සත් ජනපද නියෝජිතයන් සිය ලිපිය මගින් දැනුවත් කොට තිබේ.
“සාරවත් හා කල් පවත්නා දේශපාලන විසඳුමක වැදගත්කම අවධාරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ දරන ප්‍රයත්නයන් යලි අවධානයට යොමු කරන ලෙස අපි රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් දැඩි ලෙස ඉල්ලා සිටිමු” යනුවෙන් එක්සත් ජනපද නියෝජිතයින් එම ලිපියේ සඳහන් කර ඇත.
එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ යුක්තිය සහ මානව හිමිකම් වෙනුවෙන් නිවැරැදිව කටයුතු කර ඇති බව ඔවුහු පැවසූහ.
කෙසේ වෙතත්, අවසානයේදී ඕනෑම ප්‍රතිඵලයක් දෙමළ සහ මුස්ලිම් ජනතාව ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ අවශ්‍යතා තීරණය කිරීම සහ ඒවා සපුරාලීම අත්‍යවශ්‍ය බවද ඔවුහු සඳහන් කළහ.