ඉන්ධන පෝලිම්වල සිටින ජනතාවට එරෙහිව හමුදාව සහ පොලිසිය විසින් අසීමිත බලය යෙදවීම පිළිබදව වහාම විමර්ෂණය කළ යුතු යැයි, මෙරට ඇමරිකානු තානාපතිනිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
ඉන්ධන සදහා වූ පෝලිම් දිග්ගැහෙන විට සහ විදුලිය විසන්ධි කරන කාල සීමාව දීර්ඝවන විට, ජනතාවගේ ආතතියද ඉහළ යන බව ඇය පවසයි.
අසීමිත බලය යෙදවීමෙන් ජනතා අවශ්‍යතා ඉටු නොවන බව පවසා ඇති ඇමරිකානු තානාපතිනිය, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් අවශ්‍ය බවද අවධාරණය කර සිටියි.
මීට පෙර, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන හනා සිංගර් මහත්මියද, ඉන්ධන පෝලිම්වල සිටින ජනතාවට එරෙහිව පොලිසිය සහ හමුදාව බලය යෙදවීම විවේචනය කර තිබුණි.
එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් වූ රූප රාමු දැකීමෙන් තමන් කම්පනයට පත් වූ බව පවසා ඇති හනා සිංගර් මහත්මිය, එවැනි සිදුවීම් පිළිබදව වහා විමර්ෂණය කළ යුතු බවද අවධාරණය කරයි.